Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු දිනයේදී අර්ධ ශතක 11 ක්
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

පළමු දිනයේදී අර්ධ ශතක 11 ක්

editorial - 2025 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග අද (12 වැනිදා) කොළඹ, ගාල්ල, හම්බන්තොට, කුරුණෑගල සහ මග්ගොන ක්‍රීඩාංගණ 6 කදී ආරම්භ වූ අතර පළමු දිනයේදී අර්ධ ශතක ශතක 11 ක් වාර්තා කිරීමට පිතිකරුවෝ සමත් වූහ. 

එහිදී ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කිරීමට කිරීමට පොලිස් කණ්ඩායමේ දුලාෂ් උදයංග (94) සමත් වූ අතර කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔහු ලබාගත් අර්ධ ශතකය ශතකය හතරේ පහර 12 කින් සමන්විත විය. කෙසේ වුවත් ශතකය පෙනි පෙනී සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස ඔහු දැවී ගියේය. 

ඔහුට අමතරව සී.සී.සී. කණ්ඩායමේ නිෂාන් මධුෂ්ක (නොදැවී 75) බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිවත්, පොලිස් කණ්ඩායමේ ධනුජ ඉඳුවර (51) සහ අෂේන් බණ්ඩාර (79) කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිවත්, හලාවත මේරියස්න් කණ්ඩායමේ කසුන් විදුර (52) නුගේගොඩ කණ්ඩායමට එරෙහිවත්, එන්.සී.සී. කණ්ඩායමේ ළහිරු උදාර (70), විනුක රූබසිංහ (76) සහ චාමික කරුණාරත්න (52) ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහිවත්, මුවර්ස් කණ්ඩායමේ සොහාන් ලිවේරා (60) සහ පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 62) ද්‍රවිඩ සංගම් කණ්ඩායමට එරෙහිවත්, මහනුවර රේගු කණ්ඩායමේ මනෝජ් සරත්චන්ද්‍ර (53) බී.ආර්.සී. කණ්ඩායමට එරෙහිවත් අද දිනයේදී අර්ධ ශතක ලැබූහ.  

අද දිනයේදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කෝල්ට්ස් කණ්ඩායමේ කවිෂ්ක අංජුල පොලිස් කණ්ඩායමට ලකුණු 70 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් වූ අතර බී.ආර්.සී කණ්ඩායමේ ශෂික දුල්ෂාන් මහනුවර රේගු කණ්ඩායමට එරෙහිව ලකුණු 77 කට කඩුලු 4 ක් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
සී.සී.සී. සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය 
සී.සී.සී. පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 156 
(නිෂාන් මධුෂ්ක නොදැවී 75, ධනංජය ද සිල්වා 40, ළහිරු මධුෂංක 24/2) 

 

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
කෝල්ට්ස් සහ පොලිස් අතර තරගය 
පොලිස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 317 
(ධනුජ ඉඳුවර 51, දුලාෂ් උදයංග 94, ප්‍රියමාල් පෙරේරා 28, අෂේන් බණ්ඩාර 79, විෂාද් රන්දික 18, දිලුම් සුදීර 23, කවිෂ්ක අංජුල 70/5, අකිල ධනංජය 85/3) 
කෝල්ට්ස් පළමු ඉනිම - කිසිවකු නොදැවී 06 

 

කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී 
හලාවත මේරියන්ස් සහ නුගේගොඩ අතර තරගය 
හලාවත මේරියන්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 203 
 (තනුක දාබරේ 23, කසුන් විදුර 52, සම්මු අෂාන් 18, සකුන ලියනගේ 21, නිම්සර අතරගල්ල නොදැවී 33, කෞමාල් නානායක්කා 18, ලොහාන් ද සොයිසා 43/3, මධුක ලියනපතිරණ 35/2, තිලකරත්න සම්පත් 45/2) 
නුගේගොඩ පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 90 
(පුලිඳු පෙරේරා 20, ලොහාන් ද සොයිසා 18, තිලකරත්න සම්පත් නොදැවී 29) 

 

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී 
එන්.සී.සී. සහ ඒස් කැපිටල් අතර තරගය 
එන්.සී.සී. පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 311 
(ළහිරු උදාර 70, විනුක රූබසිංහ 76, කමිල් මිෂාර 37, චාමික කරුණාරත්න 52, අෂීන් ඩැනියෙල් නොදැවී 22, වනුජ සහන් 76/3, රොෂාන් ජයතිස්ස 88/3) 

 

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී 
මුවර්ස් සහ ද්‍රවිඩ සංගම් අතර තරගය 
මුවර්ස් පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 260 
(සදීර සමරවික්‍රම 40, ජනිෂ්ක පෙරේරා 39, සොහාන් ලිවේරා 60, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 62, සිතාර ගිම්හාන් නොදැවී 47, තරිඳු රත්නායක 83/2) 

 

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී 
මහනුවර රේගු සහ බී.ආර්.සී. අතර තරගය 
මහනුවර රේගු පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 276 
(දිල්හාර පොල්ගම්පල 22, මනෝජ් සරත්චන්ද්‍ර 53, ලක්ෂාන් එදිරිසිංහ 37, චාමික එදිරිසිංහ 45, දිනුෂ්ක මාලන් නොදැවී 31, ශෂික දුල්ෂාන් 77/4, මොහොමඩ් සිරාස් 71/3) 


අදහස් (0)

පළමු දිනයේදී අර්ධ ශතක 11 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.