ඕස්ටේ්‍රලියාවේ හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩිකා මාගරට් කෝට්ගේ ග්‍රැන්ඞ් ස්ලෑම් ශූරතා 24 සමකිරීමේ බලාපොරොත්තුවෙන් ඕස්ටේ්‍රලියාවට පැමිණි අමෙරිකාවේ සෙරීනා විලියම්ස්ගේ සිහිනය සීසීකඩ යවමින් පළමු වතාවට ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් පූර්ව වටයට සේන්දු වීමට කැරොලිනා ප්ලිස්කෝවා අද සමත්වූවාය. ලකුණු 6-4ක්, 4-6ක් සහ 7-5ක් ලෙස තරගය ජයගෙන සෙරීනා පරාජය කළ කැරොලිනා ප්ලිස්කෝවා චෙක් රාජ්‍යයේ 26 හැවිරිදි ක්‍රීඩිකාවකි.
සෙරීනාගේ සියළු බලාපොරොත්තු මෙල්බර්න් නුවර රොඞ් ලීවර් ටෙනිස් පිටියේදී උඩු සුළගට පාකර හැරිය කැරොලිනා මේ එක්වී සිටින්නේ ඇගේ ටෙනිස් තරග දිවියේ තුන්වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් පූර්ව වටයටය. ඊට පෙර 2016 අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ජර්මනියේ ඇන්ජලික් කේබර් හමුවේ පරාජයට පත්වීමෙන් අනුශූරිය බවට පත්වූ කැරොලිනා 2017 වසරේදී ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් පූර්ව වටයේදී සිමෝනා හීල්ප් හමුවේ පරාජයට පත්වූවාය.
පැය දෙකකුත්, මිනිත්තු 10කින් සෙරීනාගේ ඉරණම තීන්දු කළ කැරොලිනා තරගය පුරාම පුදුමාකාර ජවසම්පන්න භාවයක් පෙන්නුම් කළ බව පසුව කියා සිටියේ කවුරුවත් නොව සෙරීනාමය.
ඇය මේ බව කියා සිටියේ තරගය අතරතුර සිය වම්පාදයේ වළලුකර පෙරලීමෙන් සෙරීනා දැැඩි පසුබෑමකට ලක්වූ අතර ඇගේ පරාජයට හේතුව එය බැව් තරගයෙන් පසුව විචාරකයෝ පුන පුනා කියද්දීය.
“මගේ පාදයේ ආබාධය පැත්තක තිබුණාවේ. තරගය පුරාම ඇය ක්‍රීඩා කළේ පිස්සියක් වගේ උමතුවෙන්.... ඇරත් මගේ අතින් අතපසුවීම් ගණනාවක්ම සිද්ධවුණා” යයි කියමින් තම පරාජයට හේතුව පාදයේ ආබාධය බව පිළිගැනීමට කිසිසේත්ම ඉදිරිපත් නොවූ සෙරීනා තරගයේ සම්පූර්ණ ගෞරවය කැරොලිනාට දිමට තරම් නිහතමානී වූවාය.
“ඇත්ත වශයෙන්ම ඇගේ පහරවල් පුදුමාකාර විදිහේ වේගවත්. සමහර පහරවල් මට ප්‍රතිප්‍රහාර දීමට පවා අපහසු තරම් වේගවත්” යයි හත් වතාවක්ම ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් කිරුළට හිමිකම් කී සෙරීනා කීවාය.
2017 වසරේ ප්‍රංශ තරගාවලියෙන් පසුව හිටිහැටියේම ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල නොම්මර එකට පත්වූ කැරොලිනා ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවක් දිනා නොගෙන නොම්මර එකට පත්වූ ලොව 6 වැනි මෙන්ම පළමු චෙක් ක්‍රීඩිකාවද වූවාය.
හෙට (24) පැවැත්වෙන කාන්තා අවසන් පූර්ව වටයේදී කැරොලිනාගේ ප්‍රතිවාදිනිය බවට පත්වී සිටින්නේ ජපානයේ නයෝමි ඔසාකාය. ඇය අද පැවැති තවත් තරගයකින් යුක්රේනයේ එලීනා ස්විටෝලිනා ලකුණු 6-4 ක් සහ 6-1 ක් ලෙස ඉතා සාහසික ලෙස පරාජයට පත් කළාය.
පසුගිය වසරේ අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගයෙන් සෙරීනා විලියම්ස් පරදවා ශූරිය බවට පත්වූ නයෝමි හෙට තරගයේදී කැරොලිනාට දැඩි තර්ජනයක් ගෙන දෙනු ඇතැයි විචාරකයන් කීවත් ඇයට ඒ ගැන කිසිදු තැකීමක් නැත.
“නයෝමි තර්ජනයක් වෙන්න පුළුවනි. ඒත් සෙරිනා තරම් තර්ජනයක් ගෙන දෙන ක්‍රීඩිකාවක් ලෝකයේ නෑ” පලිස්කෝවා කීවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.