Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්දු යවන්නෝ දිල්ලි පිල දිනවති
අයි.පී.එල්. - 2024

පන්දු යවන්නෝ දිල්ලි පිල දිනවති

editorial - 2024 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 32 වැනි තරගය ලෙස ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කණ්ඩායම සමත් විය. දිල්ලි පිල මෙවර තරගාවලියේදී ලැබූ තෙවැනි ජය මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 90 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ක්‍රීඩකයෝ, ඕවර 8.5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. ශායි හෝප් පන්දු 10කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 19 ක්ද, ජේක් ෆ්‍රෙසර් පන්දු 10 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායමට දිල්ලි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 17.3 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 89 ක් පමණි. අයි.පී.එල්. තරගයකදී ගුජරාට් කණ්ඩායම ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව මෙන්ම දිල්ලි කණ්ඩායමට එරෙහිව කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවද මෙය විය. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මුකේෂ් කුමාර ඕවර 2.3 ක් යවමින් ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගත් අතර ගුජරාට් ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඉෂාන්ත් ශර්මා ලකුණු 8 කට කඩුලු 2 ක්ද, ටි්‍රස්ටන් ස්ටබ්ස් ලකුණු 11 කට කඩුලු 2 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

ගුජරාට් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රෂීඞ් ඛාන් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 31 ක් රැස්කළේය. කෙසේ වුවත් පිතිකරුවන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගැනීම ගුජරාට් කණ්ඩායමට විශාල පාඩුවක් විය. 


ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 17.3 කදී සියලු දෙනා දැවී 89 
(රෂීඞ් ඛාන් 31, මුකේෂ් කුමාර් 14/3, ඉෂාන්ත් ශර්මා 08/2, ටි්‍රස්ටන් ස්ටබ්ස් 11/2) 

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 8.5 කදී කඩුලු 4 ක් දැවී 92
(ජේක් ෆ්‍රෙසර් 20, අභිෂේක් පොරෙල් 15, ශායි හෝප් 19, රිෂාබ් පාන්ට් නොදැවී 16, සන්දීප් වොරියර් 40/2)

-036


අදහස් (0)

පන්දු යවන්නෝ දිල්ලි පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.