Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නේමාර් කඳුළින් සමුගනී
කටාර් - 2022

නේමාර් කඳුළින් සමුගනී

editorial - 2022 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

අතිරේක කාලය නිමාවේදී දෙපිලම ගෝල 1-1 ක ලෙසින් ලබා සම තත්ත්වයේ සිටි බැවින්, දඬුවම් පහර වලදී, ක්‍රොඒෂියාව හමුවේ ගෝල  4-2 පරාජයක් ලැබූ බ්‍රසීලය ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවතට වීසි විය. වත්මන් බ්‍රසීල කණ්ඩායමේ විශිෂ්ටතම ක්‍රීඩකයා වන නේමාර් පිටියෙන් ඉවතට ගියේ කඳුළු පිරි දෙනෙතිනි.

නේමාර් කීවේ තමන් නැවත වරක් බ්‍රසීලය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉඩ නොතිබෙන බවයි.

දෙපිලේම ආරක්‍ෂක පෙළ ක්‍රීඩකයන්ගේ අති විශිෂ්ට දස්කම් හේතුවෙන් තරගයේ සම්පූර්ණ කාලය වූ විනාඩි 90 තුළදී කිසිවකුට ගෝල ලබාගත නොහැකි විය. එහෙත් අතිරේක කාලය ආරම්භ වී විනාඩි 15 ක් ගතවීමත් සමගම බ්‍රසීලය වෙනුවෙන් ගෝලයක් ලබාගත් නේමාර්, අසහාය පාපන්දු ක්‍රීඩක පේලේ විසින්, බ්‍රසීලය වෙනුවෙන් තබන ලද අන්තර්ජාතික ගෝල 77 වාර්තාව සමකළේය.

බ්‍රසීලියානුවන්ගේ ඉතා සුළු අතපසුවීමකින් ප්‍රයෝජන ගත් බෲනෝ පෙට්කෙවික්ගේ අනපේක්‍ෂිත ගෝලයත් සමගින් ක්‍රොඒෂියාව නැවත වරක් තරගයට පිවිසියේය.

අතිරේක කාලය නිමාවන විට දෙපිලම ගෝල 1-1 ක් ලෙසින් ලබා සිටියහ.

16 දෙනාගේ වටයේදී ජපානයට එරෙහිව පැවැති තරගයේදීත් ක්‍රොඒෂියාව ගලවාගත්තේ දැළ රකින්නා වූ ඩොමිනික් ලිවැකොවික්ය. දඬුවම් පහර අවස්ථාවේදී, එක දිගටම විශිෂ්ට රැකගැනීම් කිහිපයක්ම ප්‍රදර්ශනය කළ ඩොමිනික් තරගය 4-2 ක් ලෙසින් අවසන් කළේය.
සැබවින්ම තරගය පැවැතියේ දෙපිලේ දැළ රකින්නන් දෙදෙනා අතර බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

අතිරේක කාලයේ අවසානය එළැඹෙත්ම, බෲනෝ පෙට්කොවික්ගේ පහර වළක්වා ගැනීමට බ්‍රසීල දැළ රකින්නා වූ ඇලිසන්ට හැකිවූයේ නම් තරගය දඬුවම් පහර තරම් දුර යන්නේ නැත. එසේ වුවානම් බ්‍රසීලයට ගෝල 1-0 ක ජයක් ලබාගත හැකිව තිබුණි.

තරගය පරාජය වීමත් සමගින් බ්‍රසීල නේමාර් බිම වාඩිවී හඬා වැළපුනු අතර ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් සගයකු වූ ඩැනී අල්විස් ඇතුළු සෙසු ක්‍රීඩකයන් විසින් නේමාර් අස්වසාලන ලදි. හයවැනි වතාවටත් ලෝක කුසලාන දිනාගැනීමේ අපේක්‍ෂාවෙන් පැමිණි බ්‍රසීලයට ඒ සඳහා තවත් වසර 4 ක් බලාසිටීමට සිදුවනු ඇත. 2026 වන විට බ්‍රසීලය අවසන් වරට ලෝක කුසලාන දිනා වසර 24 කි.

“ජාතික කණ්ඩායමට මට ආයෙමත් එන්න තියෙන දොර මම වහලා දාන්නේ නෑ. ඒත් මම ආයෙමත් එනවා කියලා සහතිකයක් දෙන්නේත් නෑ” යයි නේමාර් පැවසීය.
බ්‍රසීල නායක තියාගෝ සිල්වා කීවේ තමන් අවසන් මොහොතේදී අවධානය තරගයෙන් ඉවතට ගත් නිසා ක්‍රොඒෂියාවට තරගය සමකිරීමට අවස්ථාවක් ලැබුණ බවයි. මේ වන විට 38 හැවිරිදි වියේ පසුවන තියාගෝ සිල්වාගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙය විය හැකිය.

“මට ආයෙමත් මේ කුසලානය අතේ තියාගන්න ලැබෙන්නේ නෑ” යයි තියාගෝ සිල්වා කීවේය.
    


අදහස් (0)

නේමාර් කඳුළින් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.