Last Update  :  2026-02-27 21:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නෙතුල්ගේ ශතකය ආනන්දය ඔසවා තබයි
සුලෝහිත සංග්‍රාමය

නෙතුල්ගේ ශතකය ආනන්දය ඔසවා තබයි

editorial - 2026 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර ‘ආචාර්ය එන්.එම්. පෙරේරා’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන 96 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ ඊයේ (27 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිට ආනන්ද විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 325 ක් ලබා සිටියේය.

එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ආනන්ද කණ්ඩායමේ උප නායක නෙතුල් එදිරිමාන්න පන්දු 252 කදී සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමග නොදැවී ලකුණු 150 ක් රැස්කළේය. පළමු දිනය නිමාවට පත්වන විට නෙතුල් සමගින් කඩුල්ලේ රැදී සිටි ‍රෂාන් දිලක්ෂණ හතරේ පහරක් සමග ලකුණු 7 ක් ලබා සිටියේය.

දනිඳු සෙල්ලප්පෙරුම (33) සමග එක්ව ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නෙතුල්, ඉන් නොනැවතී ශාරද ජයරත්න (38) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක්ද, ඔවින් පෙරේරා සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක්ද එක්කරමින් ආනන්ද ඉනිම ගොඩනැගු‍වේය.

පන්දු 55 කට මුහුණදුන් දනිඳු හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 101 කදී වාර්තා වූ ශාරදගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින්ද, පන්දු 79 කදී වාර්තා වූ ඔවින්ගේ ඉනිම හ‍තරේ පහර 6 කින්ද සමන්විත විය. නාලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ නායක ඔසඳ පමුදිත ලකුණු 60 කට කඩුලු 2 ක් දවාගත්තේය.

 

ආනන්ද පළමු ඉනිම - කඩුලු 5 කට 325
(නෙතුල් එදිරිමාන්න නොදැවී 150, දනිඳු සෙල්ලප්පෙරුම 33, හිමිර කුඩාගම 24, ශාරද ජයරත්න 38, ඔවින් පෙරේරා 53, ඔසඳ පමුදිත 60/2) 

 


අදහස් (0)

නෙතුල්ගේ ශතකය ආනන්දය ඔසවා තබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.