Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නුවනිඳු - ෂෙවොන් කොළඹ පිල ඔසවා තබති
ජාතික සුපිරි ලීගය

නුවනිඳු - ෂෙවොන් කොළඹ පිල ඔසවා තබති

editorial - 2024 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) ආරම්භ වූ තරගය, පළමු දිනය සඳහා නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි කොළඹ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 275 ක් ලබා සිටියේය. 

පළමු දිනය අවසානයේ නුවනිඳු ප්‍රනාන්දු හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 90 ක්ද, පැතුම් කුමාර හතරේ පහරක් සමග ලකුණු 12 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. සහන් සමග එක්ව 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හිමාෂ ලියනගේ ලකුණු 56 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි. 

කොළඹ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ෂොවොන් ඩැනියෙල් හතරේ පහර 10 ක් සමග ලකුණු 78 ක් රැස්කළ අතර කොළඹ ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් නුවනිඳු සමග එක්ව ලකුණු 107 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ෂෙවොන් සමත් විය. 


කොළඹ පළමු ඉනිම - කඩුලු 4 කට 275 
(දිමුත් කරුණාරත්න 19, ෂෙවොන් ඩැනියෙල් 78, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 90, හිමාෂ ලියනගේ 56, පැතුම් කුමාර නොදැවී 12, ළහිරු මධුෂංක 32/2) 

 

ළහිරු මධුෂංක... 

 

යාපනය කණ්ඩායම... 

 


අදහස් (0)

නුවනිඳු - ෂෙවොන් කොළඹ පිල ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.