Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නුවන් තුෂාර ග්ලැඩියේටර්ස්ට ජය ගෙනෙයි
අබුඩාබි දහයයි-10

නුවන් තුෂාර ග්ලැඩියේටර්ස්ට ජය ගෙනෙයි

editorial - 2023 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අබුඩාබි දහයයි-10 ලීග් තරගාවලියේ නොදර්න් වොරියර්ස් කණ්ඩායමට එරෙහිව ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේ ඊයේ (5 වැනිදා) පැවැති තරගයේදී ඕවර 2 ක් යවා ලකුණු 12 කට කඩුලු 4 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන නුවන් තුෂාර සමත් විය. 

එහිදී ආරම්භක පිතිකරුවන් වූ හස්රතුල්ලා සසායිගේ (3) සහ කෙනාර් ලුවිස්ගේ (7) කඩුලු බිඳ දැමූ තුෂාර, ඉන් නොනැවතී ඔන්ඩි්‍ර රසල්ගේ සහාය ඇතිව ඇන්ජලෝ මැතිව්ස් (29) සහ අස්මතුල්ලා ඔමර්සායි (1) ද පිටියෙන් ඉවත් කරමින් තරගයේ වීරයා බවට පත් විය. 

එම කඩුලු 4 ත් සමග තරග 5 කදී කඩුලු 10 ක් බිඳහෙළමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමටද තුෂාර සමත් විය. තරග 5 කදී කඩුලු 9 ක් දවාගෙන සිටින නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ චාමික කරුණාරත්න වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවේ.
 
තරගයේ ජයග්‍රහණය ලකුණු 101 ක ඉලක්කයක් හඹාගිය ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ ඕවර 6.1 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ටොම් කොලර් කැඞ්මෝ පන්දු 19 කින් නොදැවී ලකුණු 69 ක් රැස්කළේ හයේ පහර 8 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. 


නොදර්න් වොරියර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 6 ක් දැවී 100
(ජේම්ස් නීෂම් 31, ඇන්ජලෝ මැතිව්ස් 29, රාහුල් චෝප්රා නොදැවී 14, නුවන් තුෂාර 12/4)

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල - ඕවර 6.1 කදී කඩුලු 2 ක් දැවී 104 
(ටොම් කොලර් කැඞ්මෝ නොදැවී 69, ඔන්ඩි්‍ර ෆ්ලෙචර් 18) 

-036 


අදහස් (0)

නුවන් තුෂාර ග්ලැඩියේටර්ස්ට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.