Last Update  :  2026-01-11 20:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නීතිඥ ක‍්‍රිකට් පිල ලෝක කුසලාන තරගාවලියට යයි

නීතිඥ ක‍්‍රිකට් පිල ලෝක කුසලාන තරගාවලියට යයි

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සිවුවැනි වරට සංවිධානය කෙරෙන  නීතිඥයන්ගේ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දිල්ලිහිදී මේ මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකා නීතිඥයන්ගේ ක‍්‍රිකට් පිල මේ මස 11 වැනිදා ඒ සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

2011 වසරේ බාර්බඩෝස්හිදී පැවැති තෙවැනි, නීතිඥයන්ගේ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී අසේල පටබැදිගේ නායකත්වයෙන් හෙබි ශ්‍රී ලංකා පිල අනු ශූරයන් බවට පත්වූහ.

නීතිඥයන්ගේ පිල කොළඹ දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන අන්තර් සමාජ තෙවැනි පෙළ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට ද සුදුසුකම් ලබා ගත්තේය.

මෙවර ලෝක කුසලාන තරගාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව,  ඕස්ටේ‍්‍රලියාව, පාකිස්තානය, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් නියෝජනය කරමින් නීතිඥයන්ගේ ක‍්‍රිකට් කණ්ඩායම් සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා නීතිඥයන්ගේ ක‍්‍රිකට් පිලේ පුහුණුකරු ලෙස පළමු පෙළ ජ්‍යෙෂ්ඨ පුහුණුකරු රංජන් පරණවිතාන මහතා කටයුතු කරයි.

048


අදහස් (1)

නීතිඥ ක‍්‍රිකට් පිල ලෝක කුසලාන තරගාවලියට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.