Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිල් මහ සටන සතියකින් කල්යයි
මහ ක්‍රිකට් තරග

නිල් මහ සටන සතියකින් කල්යයි

editorial - 2023 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන 144 වන නිල් මහා සටන සතියකින් කල්දමා තිබේ. මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හේතුවෙන් මෙම තරගය සතියකින් කල්දැමීමට එහි සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.

මාර්තු මස 9, 10 සහ 11 දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය, මාර්තු මස 16, 17 සහ 18 දිනවලදී, කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවත්වෙයි. මෙවර තරගය ප්‍රේක්‍ෂකයන්ට විවෘතව පැවැත්වෙන බව ද සංවිධායක මණ්ඩලය නිවේදනය කරයි.

‘නිල් මහ සටන’ ලෙසින් හැඳින්වෙන, වසර 143 ක ඉතිහාසයක් ඇති රාජකීය - සාන්ත තෝමස් මහ ක්‍රිකට් තරගය ලෝකයේ අඛණ්ඩවම පැවැත්වෙන ක්‍රිකට් තරග අතරේ දෙවැනි දීර්ඝතම තරගය ලෙස සැලකේ. රාජකීය - සාන්ත තෝමස් මහ ක්‍රිකට් තරගයේ ආරම්භය 1880 තරම් ඈතට දිව යන්නකි.

“පාසල් දෙකේම ප්‍රධානීන්ගේ එකඟතාවය මත ඊළඟට එන සති අන්තයේදී තරගය පැවැත්වීමට ඒකාබද්ධ තරග සංවිධායක කමිටුව තීරණය කර තිබේ” යැයි සංවිධාන කමිටුව නිවේදනය කරයි. කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් 2021 සහ 2022 වසර වලදී නිල් මහ සටන ක්‍රීඩා ලෝලීන්ට විවෘත නොකෙරිණ.

 


අදහස් (0)

නිල් මහ සටන සතියකින් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.