Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 145 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය. කෙසේ වුවත් පළමු ඉනිමේ ජයක් ලැබූ සාන්ත තෝමසුවෝ එහිදී වැඩි ගෞරව දිනාගත්හ.
අවසන් දිනය වූ සෙනසුරාදා (9 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි සාන්ත තොමස් විදුහල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 දැවී ලකුණු 229 ක් ලබා රාජකීයන්ට වඩා ලකුණු 248 ක් ඉදිරියෙන් සිටියේය. ඒ වන විට තිසෙන් ඇහැළියගොඩ ලකුණු 31 ක්ද, නේතන් කල්දේරා ලකුණු 20 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
දිනෙත් ගුණවර්ධන හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 74 ක්ද, නායක මහිත් පෙරේරා හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 63 ක්ද රැස්කරමින් සාන්ත තෝමස් දෙවැනි ඉනිම සවිමත් කළහ. ආරම්භක පිතිකරු සදෙව් සොයිසා ලකුණු 33 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිමේදී සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 297 ට පිළිතුරු වශයෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 278 ක් රැස්කළ රාජකීයයෝ සිය ඉනිම අත්හිටුවමින් සාන්ත තෝමසුවන්ට යළිත් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අෂේන් පෙරේරා ලකුණු 74 කට කඩුලු 5 ක් බිඳහෙළුවේය.
සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 88.2 කදී සියලු දෙනා දැවී 297
(සදෙව් සොයිසා 83, දිනෙත් ගුණවර්ධන 50, මහිත් පෙරේරා 36, තිසෙන් ඇහැළියගොඩ 16, නේතන් කල්දේරා 44, ආකාෂ් ප්‍රනාන්දු 29, රමිරු පෙරේරා 55/4, සිනෙත් ජයවර්ධන 68/4)
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 102.2 කදී කඩුලු 9 ක් දැවී 278
(සිනෙත් ජයවර්ධන 92, ඔවින අඹන්පොල 36, රමිරු පෙරේරා 23, දිනුර සේනාරත්න 33, නෙත්වින් ධර්මරත්න 41 බුලාන් වීරතුංග 16, අෂේන් පෙරේරා 74/5, ඩැරින් දියේගෝ 40/2)
සාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 86 කදී කඩුලු 4 ක් දැවී 229
(සදෙව් සොයිසා 33, දිනෙත් ගුණවර්ධන 74, මහිත් පෙරේරා 63, තිසෙන් ඇහැළියගොඩ නොදැවී 31, නේතන් කල්දේරා නොදැවී 20, රමිරු පෙරේරා 87/2)
(ඡායාරූප - ගයාන් අමරසේකර)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.