Last Update  :  2025-05-02 21:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නාවිකයෝ යුද හමුදාව පරදවා ඉදිරියට

නාවිකයෝ යුද හමුදාව පරදවා ඉදිරියට

Nisanka Sandeepani - 2018 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විශිෂ්ට උත්සාහක දිනුම් දෙකින් තරගය වර්ණවත් කළ තිළිණ වීරසිංහ අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ දෙවැනි වටයේ දී යුද හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 28-10 ක ජයක් නාවික හමුදාවට ගෙන දීමට සමත්විය. තරගය හැව්ලොක්ස් පිටියේදී පැවැත්විණ

මෙවර සති අන්තයේ කාගෙත් අවධානය දිනාගත් තරගය බවට පත්වූ මේ තරගයේදී නැවියන් තරගය පුරා ගෝල් 4 ක් වාර්තා කළ අතර යුද හමුදා පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ දඬුවම් පහරක් පමණි.

තරගයේ කාර්යබහුලතම හා කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ නාවික හමුදාවේ තිළිණ වීරසිංහ උත්සාහක දිනුම් දෙකක්ම තැබීමට සමත්වූ අතර වාර්තාවූ උත්සාහක දිනුම් 4 ම ගෝල බවටත් ප්‍රවර්තනය කළේය. නැවියන් ලැබූ ලකුණු 28 න් ලකුණු 18 කම අයිතිකාරයා ඔහුය. 

තරගයේ 12 වැනි මිනිත්තුවේදී සිය පළමු උත්සාහක දිනුම තැබූ තිළිණ වීරසිංහ එය ගෝලයක් බවට ප්‍රවර්තනය කර නැවියන් ලකුණු 7-0 කින් ඉදිරියට ගෙන ගියේය. අනතුරුව මිිනිත්තු 25ක් ගෙවෙනතුරුම පෙරමුණ රැක ගත් නැවියන්ට අභියෝග කරමින් ඊළඟ මිනිත්තු 7ක් ඇතුළත දඬුවම් පහරක් සහ ගෝලයක් ලබමින් ලකුණු 10-7 කින් තරගයේ පෙරමුණ ගැනීමට යුද හමුදා පිල සමත්විය. 

25 වැනි මිනිත්තුවේදී ගයාන් සාලින්ද දඬුවම් පහරකින් යුද හමුදා පිලේ ලකුණු ලබාගැනිම ආරම්භ කළේය. තවත් මිනිත්තු 5 කට පසුව සමීර බුලත්සිංහල තැබූ අගනා උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරිමටත් සමත්විය. පළමු භාගය නිමාවීමට පෙර ලකුණු 14-10 කින් නැවතත් පෙරමුණ ගැනීමට නැවියන් සමත්වූයේ ස්ටීවන් ග්‍රෙගරි තැබූ උත්සාහක දිනුම තිළිණ විරසිංහ විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමෙනි. 

දෙවැනි භාගයේදී යුද හමුදා ක්‍රීඩකයන්ට හැරෙන්නටවත් ඉඩ නොදුන් නැවියෝ රිසි සේ සිය ආධිපත්‍ය පතුරුවාලූහ. දෙවැනි භාගය ආරම්භයේ දී චරිත් සිල්වා තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ තිළිණ වීරසිංහ අවසන් මිනිත්තු කිහිපයේදී සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමට සමත්විය. 

තරගාවලියේ විශේෂ අවස්ථා ...

ඡායාරූප - කුෂාන් පතිරාජ


අදහස් (0)

නාවිකයෝ යුද හමුදාව පරදවා ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.