Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තයට කඩුලූ 4 ක ජයක්

නවසීලන්තයට කඩුලූ 4 ක ජයක්

ශනුක අරවින්ද - 2013 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A


නවසීලන්ත පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (12) පැවැති දෙවැනි තරගයෙන් (දිවා/රාත‍්‍රි) ඩක්වත් ලූවිස් න්‍යායට අනුව කඩුලූ 4 ක ජයක් ලැබූ නවසීලන්ත පිල 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණීමට සමත් විය.

නවසීලන්ත ක‍්‍රීඩකයෝ ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඕවර 23 කදී ලකුණු 198 ක දැවැන්ත ජයග‍්‍රාහි ඉලක්කය කඩුලූ 6 ක් දැවී අවසන් පන්දුවේදී සම්පූර්ණ කිරීමට සමත් වූහ. නවසීලන්තය ජයග‍්‍රහණයට ලකුණු 20ක් ඈතින් සිටියදී රංගන හේරත් යැවූ ඉනිමේ අවසන්  ඕවරයට ලකුණු 25 ක් (2,1,6,4,6,6) රැස් කිරීමෙන් ශ‍්‍රී ලංකාවට පරාජය වැළද ගැනීමට සිදුවිය.

එහිදී නේතන් මැකලම් අවසන් පන්දු හතරට ලකුණු 22 ක් රැස්කරමින් පන්දු 9 කදී නොදැවී ලකුණු 32 ක් රැස්කිරීම කැපී පෙනුණි.

ටොම් ලෙතම් (86) සහ ලූක් රොන්චි (49) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක සම්බන්ධතාවක් පවත්වමින් නවසීලන්ත පිල ස්ථාවර තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ. නුවන් කුලසේකර දෙවැනි ඕවරයේ දෙවැනි සහ තෙවැනි පන්දුවලදී ඇන්ටන් ඩෙවිසිච් (01) සහ රොබ් නිකොල් (0) දවා ගනිමින් නවසීලන්ත ඉනිම අඩපණ කළ ද ඉන් ප‍්‍රතිඵලයක් නොවීය.

අකුණු ගැසීම සහ වර්ෂාව හේතුවෙන් පස්වරු 4.00 සිට පැය පහකට අධික කාලයත් අත්හිටුවා තිබූ තරගය රාත‍්‍රි 9.25 ට ඉනිමක් ඕවර 23 ක තරගයක් ලෙස නැවත ආරම්භ කළේය.

කුමාර් සංගක්කාර වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 59 කදී හතරේ පහර 9 ක් සමගින් සිය 81 වැනි එක්දින අර්ධ ශතකය ලෙස නොදැවී ලකුණු 71 ක් රැස් කිරීමට සමත් විය.

තිලකරත්න ඩිල්ෂාන් පන්දු 72 කදී හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 55 ක් ලබාගත් අතර මෙය ඩිල්ෂාන්ගේ 32 වැනි එක්දින අර්ධ ශතකයි.

පස්වරු 4.00 ට පමණ අකුණු වලට ආරක්‍ෂක පියවරක් ලෙස තරගය තාවකාලිකව අත්හිටුවීය. පස්වරු 4.15 ට පමණ මද වර්ෂාවක් ඇද හැළීම නිසා ක‍්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කළ අතර පස්වරු 4.50 සිට සැළකිය යුතු වාර්ෂාවක් ක‍්‍රීඩාංගණයට පතිත විය.

තරමක අයහපත් ආලෝක තත්ත්වයක් තිබියදී පස්වරු 2.30 ට තරගය ආරම්භ කළ අතර පස්වරු 3.00 පමණ වන විට ආලෝක තත්ත්වය වඩාත් අයහපත් විය. ඒ අනුව පස්වරු 3.30 වන විට විදුලි කුඵණු හතරේ සියලූම විදුලි බුබුලූ දැල්වා තරගය පවත්වාගෙන ගියේය.

තරගය තාවකාලිකව අත්හිටුවන විට ශ‍්‍රී ලංකා පිල  ඕවර 20.4 කදී එක කඩුල්ලක් දැවී ලකුණු 117 ක් ලබා සිටියේය. ඒ වන විට තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 51) සහ කුමාර් සංගක්කාර (නොදැවී 55) පන්දුවට පහර දෙමින් සිටියහ.

ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව ලකුණු රැස්කිරීම තෝරා ගත්තේය.

පළමු තරගයට සහභාගි වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට ද ක‍්‍රීඩා කළ අතර නවසීලන්ත පිලට ඇන්ඩෘ එලීස් සහ ජේම්ස් නීෂම් කැදවා තිබුණි.

දෙරට අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය මේ මස 16 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙස පැවැත්වේ.

ලකුණු පුවරුව 


අදහස් (5)

නවසීලන්තයට කඩුලූ 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.