Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය සහ නවසීලන්තය අතර ලීඞ්ස් හී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ සෙනසුරාදා (30 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම ක‍්‍රීඩා කරන එංගලන්තය කඩුලූ 05 ක් දැවී ලකුණු 253 ක් ලබා සිටියේය. ඒ අනූව නවසීලන්ත පළමු ඉනිම පසුකර යෑමට එංගලන්තය තවත් ලකුණු 97 ක් ලබා ගත යුතුවේ.
දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ එංගලන්ත ආරම්භක පිතිකරු ඇඩම් ලෙත් නවසීලන්ත පිල දැඩි වෙහෙසකට පත් කිරීමට සමත් විය. 27 හැවිරිදි වමත් පිතිකරුවකු වන ඇඩම් ලෙත් නොතිබූ ලකුණක් ලබාගැනීමට යාමේදී ටේ‍්‍රන්ට් බෝල්ට් විසින් පන්දුව අහුලා කඩුලූ රකින ක‍්‍රීඩක ලූක් රොන්කිට යොමු කිරීමෙන් දුවද්දී දැවී යන විට ඔහු පන්දු 212 කදී හතරේ පහර 15 ක් සමග ලකුණු 107 ක් ලබා සිටියේය.
යෝක්ෂයර් ප‍්‍රාන්තය නියෝජනය කරන ඇඩම් ලෙත් පළමු කඩුල්ල සඳහා නායක ඇලිස්ටෙයාර් කුක් සමග පන්දු 354 කදී ලකුණු 177 ක සබඳතාවක් පිහිටුවීමට සමත් විය. එම සබඳතාව නවසීලන්තයට එරෙහිව එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනකු පිහිටවූ සිව්වැනි හොඳම සබඳතාව වේ.
නායක ඇලිස්ටෙයාර් කුක් මිනිත්තු 226 ක් කඩුල්ල රැක ගන්නා අතරවාරයේ පන්දු 187 කදී හතරේ පහර 12 ක් සමග ලකුණු 75 ක් ලබා සිටියදී මාර්ක් ක්‍රෙග්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමට වරදට හසුව පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. එය ඇලිස්ටෙයාර් කුක් ලබාගත් 28 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙස සටහන් වද්දී එංගලන්ත ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා ලෙසද ඔහු පෙරමුණ ගත්තේය.
ඇලිස්ටෙයාර් කුක් විසින් බිද දමනු ලැබුවේ ටෙස්ට් තරග 118 කදී ශතක 20 ක් සමග ලකුණු 8900 ක් එකතු කරගෙන සිටි ග‍්‍රැහැම් ගුච්ගේ වාර්තාවයි.
ඇලිස්ටෙයාර් කුක් මේ වන විට ශතක 27 ක් සමග ලකුණු 8944 ක් ලබා ගෙන තිබේ. එහි සාමාන්‍ය 46.82 ක් ලෙස සටහන් වේ.
නවසීලන්ත පිලට වඩා මන්දගාමී ලකුණු ලබා ගැනීමක නිරත වූ එංගලන්ත පිල ඕවර 72 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 215 ක් ලබා සිටියේය. එහෙත් නවසීලන්තය ඕවර 72 ක් අවසනදී කඩුලූ 9 ක් දැවී ලකුණු 350 ක් ලබා සිටියේය.
තරගයේ පළමු දිනය නිමා වන විට කඩුලූ 8කට ලකුණු 297 ක් ලබා සිටි නවසීලන්ත පිලේ අවසන් පිතිකරුවෝ දෙදෙනා දෙවැනි දිනයේදී තවත් ලකුණු 53 ක් ලබා ගැනීමට සමත් වූහ. නවසීලන්යේ නව වැනි කඩුල්ල ලකුණු 310 දී දැවී ගියද අවසන් කඩුල්ලට ලකුණු 43 ක සබඳතාවක් එක් කිරීමට මාර්ක් ක්‍රෙග් සහ ටේ‍්‍රන්ට් බෝල්ට් දෙදෙනා සමත් වූහ. එහිදී ඉනිම නිමා වන තෙක් නොදැවී සිටි මාර්ක් ක්‍රෙග් මිනිත්තු 75 කදී පන්දු 63 කට මුහුණදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමග ලකුණු 41 ක් ලබා ගත්තේය.
නවසීලන්තය පළමු ඉනිම - ඕවර 72.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 350 යි.
(ටොම් ලෙතම් 84, රෝස් ටේලර් 20, බ්‍රෙන්ඩන් මැකලම් 41, ලූක් රොන්කි 88, මාර්ක් ක්‍රෙග් නොදැවී 41, ජේම්ස් ඇන්ඩසන් 43/2 , ස්ටුවර්ට් බ්‍රෝඞ් 109/5, බෙන් ස්ටෝක්ස් 71/1, මාර්ක් වුඞ් 62/2 යි.)
එංගලන්තය පළමු ඉනිම - ඕවර 88 කදී කඩුලූ 05 ට ලකුණු 253 යි.
(ඇඩම් ලෙත් 107, ඇලිස්ටෙයාර් කුක් 75, ගැරී බැලන්ස් 29, ටේ‍්‍රන්ට් බෝල්ට් 63/2, ටිමි සවුති 62/1, මාර්ක් ක්‍රෙග් 38/1 යි.)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.