Last Update  :  2025-10-20 15:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය ඉනිමකින් බංග්ලාදේශය පරදවයි

නවසීලන්තය ඉනිමකින් බංග්ලාදේශය පරදවයි

Nisanka Sandeepani - 2019 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව වෙලිංටන් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 12 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (12 වැනිදා) සමත් විය. ඉනිමක පරාජයකින් ගැලවීම සඳහා ලකුණු 221 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් බංග්ලාදේශ කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකි වූයේ ලකුණු 209 ක් පමණි. 

සිවුවැනි දිනය වූ ඊයේ (11 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 80 ක් ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායමට, අද දිනයේදී සිය දෙවැනි ඉනිමට එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 129 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීම නිරත වූ නීල් වැග්නර් ලකුණු 45 කට කඩුලු 5 ක්ද, ටෙන්ට් බෝල්ට් ලකුණු 52 කට කඩුලු 4 ක්ද දවාගනිමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. 
බංග්ලාදේශ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක මහමදුල්ලා රියාද් හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 67 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීමට නොහැකි විය. ඊයේ දිනය නිමාවන විට ලකුණු 25 ක් ලබා නොදැවී සිටි මෙහොමඞ් මිතුන්, අද ලකුණු 47 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය. 


බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 211 
(ටමීම් ඉක්බාල් 74, ශද්මන් ඉස්ලාම් 27, මොමිනුල් හක් 15, සෞම්‍ය සාකර් 20, ලිටන් දාස් 33, නීල් වැග්නර් 28/4, ටෙන්ට් බෝල්ට් 38/3) 

නවසීලන්ත පළමු ඉනිම -  කඩුලු 6 ක් දැවී 432 
(කේන් විලියම්සන් 74, රොස් ටේලර් 20, හෙන්ර් නිකෝල්ස් 107, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 23, අබු ජයේද් 94/3) 

බංග්ලාදේශ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 209 
(ශද්මන් ඉස්ලාම් 29, මොහොමඞ් මිතුන් 47, සෞම්‍ය සාකර් 28, මහමදුල්ලා රියාද් 67, මුස්තෆිසුර් රෙහෙමාන් 16, නීල් වැග්නර් 45/5, ටෙන්ට් බෝල්ට් 52/4) 

 

-036 


අදහස් (0)

නවසීලන්තය ඉනිමකින් බංග්ලාදේශය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.