Last Update  :  2025-11-06 20:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්ත ක්‍රීඩකයෝ වි:20 තරගාවලිය සම කරති ​

නවසීලන්ත ක්‍රීඩකයෝ වි:20 තරගාවලිය සම කරති ​

editorial - 2025 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 3 ක අතිශය තියුණු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත පිල සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තයට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 208 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වන්ට නායක මිචෙල් සෑන්ට්නර් සහ ඉෂ් සෝධි ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 204 ක් පමණි. කොදෙව් පිලේ ජයග්‍රාහී මාවත අවහිර කළ සෑන්ට්නර් සහ සෝධි කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වූහ. 

අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයන්හි නිරත වූ රොමාරියෝ ශෙපර්ඩ් හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග පන්දු 16 කින් ලකුණු 34 ක්ද, මැතිව් ෆෝඩ් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 29 ක්ද රැස්කරමින් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමේ උත්සාහයක නිරත වූහ. කෙසේ වුවත් කඩුල්ලක්ද දවාගනිමින් අවසන් ඕවරය ලකුණු 12 කට සීමා කළ කයිල් ජැමීසන් ඔවුන්ගේ උත්සහයන් ව්‍යර්ථ කර දැමූහ. 

පන්දු 16 කට මුහුණදුන් රෝමන් පවෙල් හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 45 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු ඇලික් අතෑන්ස් පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 33 ක්ද, නායක ශායි හෝප් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක්ද රැස්කරමින් කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 207 ක් ලබාගත් අතර නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මාක් චැප්මන් පන්දු 28 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 6 ක් සමග වේගවත් ලකුණු 78 ක් රැස්කළේය. ආරම්භක පිතිකරු ටිම් රොබින්සන් පන්දු 25 කින් ලකුණු 39 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. 

තෙවැනි කඩුල්ල සඳහා රචින් රවින්ද්‍ර (11) සමග එක්ව පන්දු 29 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගූ චැප්මන්, ඉන් නොනැවතී ඩර්ලි මිචෙල් (නොදැවී 18) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 18 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. පන්දු 14 කදී වාර්තා වූ මිචෙල්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. 


නවසීලන්ත පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 207 
(ටිම් රෙබින්සන් 39, ඩෙවෝන් කොන්වේ 16, මාක් චැප්මන් 78, ඩර්ලි මිචෙල් නොදැවී 28, මිචෙල් සෑන්ට්නර් නොදැවී 18, රොස්ටන් චේස් 33/2) 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 208 
(ඇලික් ඇතෑන්ස් 33, ශායි හෝප් 24, ජේසන් හෝල්ඩර් 16, රෝමන් පවෙල් 45, රොමාරියෝ ශෙපර්ඩ් 34, මැතිව් ෆෝඩ් නොදැවී 29, මිචෙල් සෑන්ට්නර් 31/3, ඉෂ් සෝධි 39/3) 

-036 


අදහස් (0)

නවසීලන්ත ක්‍රීඩකයෝ වි:20 තරගාවලිය සම කරති ​

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.