Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායමට එරෙහිව නුවරදී සහ කොළඹදී පැවැත්වීමට නියමිත රග්බි තරග තරග දෙක සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වයද නයිජල් රත්වත්තේට ලබාදීමට රග්බි තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
මෙවර අන්තර් සමාජ රග්බි ලීගයෙන් පසුව තරග බිමට සමුදුන් නයිජල්, යළි තරග බිමට පිවිසෙමින් මීට සති දෙකකට පමණ පෙර මැලේසියාවට එරෙහිව කොළඹ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 59-19 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා මෙහෙයවීය.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග දෙකේදීද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නයිජල්ටම පැවැරීමට සුදත් සම්පත් මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව තීරණය කර තිබේ.
මෙම තරග දෙකෙන් එළබෙන 4 වැනි ඉරිදා මහනුවර, නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පස්වරු 4.00 ට ආරම්භ වන තරගය සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට තෝරා ගෙන ඇති අතර ඔවුන්ට අමතරව සංචිතයේ තවත් අතිරේක ක්‍රීඩකයන් 21 දෙනෙකුද සිටිති.
නයිජල්ට අමතරව මැලේසියාවට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි විමුක්ති ගමගේ, තනූජ ජයවීර, නවීන් මාරසිංහ, තිළිණ බණ්ඩාර, මොහොමඩ් නිස්රාන්, මොහොමඩ් රිෆාන්, දැහැන් වික්‍රමාරච්චි, පසිඳු බණ්ඩාර සහ හිරන්ත පෙරේරා පළමු තරගය සඳහා නම් කළ 15 දෙනාගේ කණ්ඩායමටද ඇතුළත්ව සිටිති.
මැලේසියාවට එරෙහිව පැවැති තරගය සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවූ ශාමික කෞෂාන්, ළහිරු තිලකරත්න, කවිඳු පෙරේරා, ශාහිඩ් සුම්රි සහ ජයතු රාජරත්න, නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු තරගයට ක්‍රීඩා කරන 15 දෙනාගේ කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.
මෙම ක්‍රීඩකයන් අතරින් කොළඹ ඉසිපතන විදුහලෙන් රග්බි ක්‍රීඩාවට පිවිස මේ වන විට මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරන ශාහිඩ් සුම්රි සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලෙන් රග්බි ක්‍රීඩාවට පිවිස මේ වන විට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ජයතු රාජරත්න වැඩි දෙනකුගේ අවධානයක් දිනා සිටින ක්‍රීඩකයෝ දෙපළත් වෙති.
ශ්‍රී ලංකා රග්බි සංචිතය
නයිජල් රත්වත්තේ (නායක), විමුක්ති ගමගේ, ශාමික කෞෂාන්, තනූජ ජයවීර, නවීන් මාරසිංහ, තිළිණ බණ්ඩාර, මොහොමඩ් නිස්රාන්, ළහිරු තිලකරත්න, දැහැන් වික්‍රමාරච්චි, මොහොමඩ් රිෆාන්, කවිඳු පෙරේරා, හිරන්ත පෙරේරා, ශාහිඩ් සුම්රි, ජයතු රාජරත්න සහ පසිඳු බණ්ඩාර
අතිරේක
වෙනුර කොදාගොඩ, ජනිඳු ප්‍රනාන්දු, හෆීස් තාබිත්, සෙනුර පෙරේරා, චතුර සොයිසා, දිනේෂ් ද සිල්වා, සන්දේෂ් ජයවික්‍රම, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, නිරෝෂ් පෙරේරා, තේනුක නානායක්කාර, ජනිඳු දිල්ෂාන්, මුර්ෂීඩ් දොරේ, දුලාජ් නවෝද්‍ය, ධනුෂ්ක රංජන්, දිනාල් ඒකනායක, පුලස්ති දිසානායක, හේෂාන් ජැන්සන් සහ යෙහාන් බුලත්සිංහලගේ, ලසිඳු කරුණාතිලක, තරිඳු චතුරංග සහ ප්‍රිමේෂ් ධනුෂ්ක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.