Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට)
විස්සයි-20 තරගාවලියේදී අසාර්ථක වූ නමුත් ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහාත් ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්‍ෂ දෙදෙනාම ඇතුළත් වී සිටිති. 19 න් පහළ කණ්ඩායමේ හිටපු නායක දුනිත් වෙල්ලාගේ මෙන්ම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මෙහෙයවූ ධනංජය ද සිල්වා ඇතුළු තවත් පුරුදුකාරයෝ කිහිප දෙනෙක්ම ඕස්ටේ්‍රලියානුවන්ට එරෙහිව පැවැත්වෙන තරග 3 කන් සමන්විත එක්දින තරගාවලිය සඳහා සංචිතයට ඇතුළත් කර තිබේ.
කොළඹ එස්. එස්. පිටියේදී ඕස්ටේ්‍රලියානු ‘ඒ’ පිලට එරෙහිව පැවැති නිල නොවන එක්දින තරග දෙකින් පළමුවැන්නේදී ලකුණු 33 ක් ලබාගත් වෙල්ලාගේ, එම තරගයේදී ලකුණු 55 කට කඩුලු 2 ක් දවාගත්තේය. ඕස්ටේ්‍රලියානු ‘ඒ’ පිලට එරෙහිව අද පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයේදීත් තම ඕවර 5 ලකුණු 25 කට සීමාකරගත් වෙල්ලාලගේ, පන්දු 8 කදී, ලකුණු 17 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ජයග්‍රහණය කරා ගෙන ගියේය.
යන්තම් 14 හැවිරිදි වියේ සිටම තුන් ඉරියව් ක්‍රීඩකයකු වශයෙන් සාර්ථක දස්කම් පෙන්නුම් කරමින් සිටි දුනිත් වෙල්ලාලගේ, වසර දෙකකට ඉහතදී, ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්වූ දා සිටම වයසට වඩා වැඩි යමක් කළ හැකි බව පෙන්නුම් කළ ක්‍රීඩකයෙකි. දැන් ඇත්තේ ඔහුගේ අවස්ථාවයි.
නැවත දස්කම් අතරට පැමිණීමට තදබල වෙහෙසක් ගනිමින් සිටින ධනුෂ්ක ගුණතිලක නිමාවූ විස්සයි-20 තරග දෙකේදීම පිත්තෙන් අසාර්ථක වූ නමුත් ඔහු ලකුණු අතර සිටින බව ඔහුගේ පන්දු රැකීම කදිමට කියා පෑවේය. වසරකට වැඩි කාලයක් තිස්සේ අර්ධ ශතකයක් සොයමින් සිටින ධනුෂ්ක ගුණතිලකට දිගු ඉනිමක් ඕනෑකර තිබේ.
භානුක රජපක්‍ෂට නම් දිගු ඉනිමක් මෙන්ම වගකීම් සහගත පිතිහරඹයක්ද ඕනෑකර තිබේ.
පළමු විස්සයි-20 තරගයේදී නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මැද පිටියට පිවිසි රාජපක්‍ෂ, මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ ක්‍රීඩා ලෝලීන් ඔහු කෙර් තැබූ සියලු බලාපොරොත්තු සුන් කරමිනි. එක්දින තරගාවලියේදීත් භානුක කෙරේ තැබූ බලාපොරොත්තු සිඳී නොයාමට නම්, තරගාවලියක ජයග්‍රහණය වෙනුවෙන් තමන්ට කළ හැක්කේ මේ යයි පෙන්නුම් කිරීම භානුකගේ කරපිට දැන් පැවරී ඇති වගකීමකි.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතයට නිරෝෂන් දික්වැල්ල සහ වනිඳු හසරංගත් නැවත වරක් එක්ව සිටිති. සංචිතය 21 දෙනකුගෙන් සමන්විත වන බැවින් එක් එක් ක්‍රීඩකයන් අතර පවතින තරගය එන්න එන්නම වැඩි වී තිබේ. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කණ්ඩායමට අලුතින් එක්වන ක්‍රීඩකයන්ගේ දස්කම් අතර පවතින විචල්‍යතාවයි.
එක තරගයකදී හොඳින් ක්‍රීඩා කරන අයෙක්, යළි සාර්ථක වන්නේ තවත් තරග තුනකට හෝ හතරකට පසුවය. මෙම හේතුව නිසා කිසියම් ක්‍රීඩකයකු කෙර් දිගින් දිගටම විශ්වාසය තැබීම අවදානමක් බවට පත්ව ඇතැයි තේරීම් කමිටු නිලධාරීහු කියති. එබැවින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරග රාශියක් සඳහා තම තමන්ගේ ස්ථානය වෙන්කර ගැනීම ක්‍රීඩකයන්ගේ වගකීමක් ව ඇතැයිද ඔව්හු කියති.
මේ අතරවාරයේදී නායක දසුන් ශානක මත එල්ලවන පීඩනයද නොසලකා හැරිය නොහැකිය. අවශ්‍ය අවස්ථාවලදී, පන්දු යැවීමෙන් වැළකී සිටීමේ ආදීනව, හිටපු නායක ඇන්ජලෝ මැතිස්ගෙන්ම අසා දැනගැනීමට දසුන් ශානකට හැකිය.
කෙසේ වෙතත් මෙම සංචිතයට, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම සීමිත ඕවර ක්‍රීඩකයන් දෙදෙනකු වන කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු ඇතුළත්ව නැත. දෙදෙනාම තුවාලකරුවන්ගේ ලයිස්තුවේ සිටිති.
මේ දෙදෙනාද සමගින්, ඕෂධ ප්‍රනාන්දු, කමිල් මිෂාර, අෂේන් බණ්ඩාර, නුවනිඳු ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් ද එක්වූ කල්හි 30 කට ආසන්න එක්දින සංචිතයෙන් 11 දෙනකු තෝරාගැනීමේ අභියෝගය, තේරීම් කමිටු නිලධාරීන්ටම හිසරදයක් කිරීම හෝ නොකිරීම ඇත්තේ ක්‍රීඩකයන් අතම මිස අන් කිසිවකු අත නොවේ.
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර එක්දින තරගාවලිය ලබන 14 වැනිදා මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පළමු තරග දෙක, 14 වැනිදා සහ 16 වැනිදා, පල්ලෙකැළේදී පැවැත්වෙන අතර තරගාවලියේ ඉතිරි තරග 3 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා එක්දින සංචිතය :
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්‍ෂ, නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස්, මහේෂ් තීක්‍ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩසේ, ළහිරු මධුශංක, දුනිත් වෙල්ලාලගේ සහ ප්‍රමෝද් මධුෂාන්.
ජුනයිඩ් හිට් විකට් Sunday, 12 June 2022 07:44 AM
ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් කිසිඳු වගකීමකින් තොරබව මනාව පෙනී යයි. ඔවුන් දෙදෙනා ඉවත් කළයුතුයි. භානුක රාජපක්ෂ හට ඉන්දීය රුපියල්වලින් ගෙවනවා නම් ඔහුගේ දස්කම එළි දැක්වෙනු ඇත. නවක දක්ෂ ක්‍රීඩකයින්ට අවස්ථාව දී හාල්පාරුවන් පන්නා දැමිය යුතුයි. කුසල් මෙන්ඩිස් මුදලට තරග පාවා දෙනවා දැයි සොයා බැලිය යුතුයි. ලංකා පිලේ භයානකම පිතිකරු ලෙස කැන්ගරු පිල හඳුන්වා දුන් කුසල් පාසල් ක්‍රීඩකයෙකුටත් නොගැලපෙන රටාවකින් පිතිකරණයේ යෙදීම ලැජ්ජා සහගතය. හිට් විකට් වුනාද, හිතාමතාම විකට්ටුව කඩා දැම්මාද කියා සැකයක් ඇතිවුනේ මට පමණද?
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.