Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධනංජය බංග්ලාදේශයේ අබානි පිලට
ඩකා ප්‍රිමියර් ලීග්

ධනංජය බංග්ලාදේශයේ අබානි පිලට

editorial - 2022 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා තෝරාගෙන තිබේ. ඒ අනුව තරගාවලියට එක්වීම සඳහා ධනංජය ද සිල්වා අද (17 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

එක්දින තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරග මේ වනවිටත් අවසන්ව තිබේ. ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 6 අතර සුපර් ලීග් දෙවැනි වටය හෙට (18 වැනිදා) ආරම්භ වේ.

ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබා ඇති අබානි කණ්ඩායම නියෝජනය කිරීමට ධනංජය ද සිල්වාට අවස්ථාව හිමිවේ. ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කුසල් මෙන්ඩිස්ද මින් පෙර බංග්ලාදේශය බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මාසයේදී තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව යනු ඇත. ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක්ව සිටින ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇත.

- 2079

 


අදහස් (0)

ධනංජය බංග්ලාදේශයේ අබානි පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.