Last Update  :  2025-05-09 11:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෙවැනි විස්සයි-20 තරගයේ ජයත් ද. අප්‍රිකාවට

දෙවැනි විස්සයි-20 තරගයේ ජයත් ද. අප්‍රිකාවට

editorial - 2022 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර කටක්හි බරබාටි ක්‍රීඩාංගණයේදී ඊයේ (12 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද දකුණු අප්‍රිකාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 149 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ හෙන්රික් ක්ලාසන් පන්දු 36 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 81 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ නායක ටෙම්බා බවුමා පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 35 ක්ද, ඩේවිඩ් මිලර් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 20 ක්ද රැස්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායකත්වය සැපයූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ බුවනේෂ්වර් කුමාර් සිය ඕවර 4 ලකුණු 13 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙලීමට සමත් වුවද, ඔහුට ඉන්දීය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය. අවසන් වරට පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූ යුස්වේන්ද්‍ර චාහල් යැවූ ඕවර 4 දී ලකුණු 49 ක් රැස්කිරීමට දකුණු අප්‍රිකානු පිතිකරුවෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 148 ක් ලබාගත්තේය. එහිදී ආරම්භක පිතිකරු ඉෂාන් කිෂන් පන්දු 21 කින් ලකුණු 34 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. ශ්‍රෙයාස් අයියර් පන්දු 3 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 40 ක් රැස්කළේය. ඉන්දීය ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 21 කට මුහුණදුන් දිනේෂ් කාර්තික් (නොදැවී 30) හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසීය.


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 6 කට 148
(ඉෂාන් කිෂන් 34, ශ්‍රෙයාස් අයියර් 40, දිනේෂ් කාර්තික් නොදැවී 30, ඇන්රික් නොකියා 36/2)
 
දකුණු අප්‍රිකාව - ඕවර 18.2 කදී කඩුලු 6 කට 149
(ටෙම්බා බවුමා 35, හෙන්රික් ක්ලාසන් 81, ඩේවිඩ් මිලර් නොදැවී 20, බුවනේෂ්වර් කුමාර් 13/4)

-036

 


අදහස් (0)

දෙවැනි විස්සයි-20 තරගයේ ජයත් ද. අප්‍රිකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.