Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෙවැනි තරගය වැස්සට සේදෙයි
දෙවැනි එක්දින තරගය

දෙවැනි තරගය වැස්සට සේදෙයි

editorial - 2022 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමන ලදි. පළමු තරගය ජයගත් ඇෆ්ඝනිස්ථානුවෝ 1-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටිති.

තරගයෙන් ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 229 ක පහසු ඉලක්කයක් ලැබුණ නමුත් ශ්‍රී ලංකා ඉනිමේදී යැවිය හැකිවූයේ ඕවර 2.4 ක් පමණි. වර්ෂාව හේතුවෙන් නතර කළ තරගය නැවත ආරම්භ කළ නොහැකි විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ඝනිස්ථානය වෙනුවෙන් රමනුල්ලා ගුර්බාස් (68)  සහ රහමත් ෂා (58) එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 113 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූහ. එහෙත් අවසන් ඕවර 20 දී තරගයට කඩා වැදුණු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 93 ක් තුළ  ඇෆ්ඝනිස්ථානු කඩුලු 9 ක් බිම දමා ගත්හ. එක් අවස්ථාවක ඇෆ්ඝනිස්ථානය කඩුල්ලක් පමණක් දැවී ලකුණු 135 ක් ලබා සිටියද ඕවර 48.2 කදී ඇෆ්ඝනිස්තානුවෝ ලකුණු 228 කට දැවී ගියහ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිතගේ පන්දු යැවීම සටහන් වූයේ 9-2-31-3 ක් ලෙසිනි. තරමක ප්‍රහාරයකට ලක්වූ ළහිරු කුමාර (50/2) සහ මහීෂ් තීක්‍ෂණ (49/2) සාර්ථක පන්දු යැවීමක නිරත වූ අතර පිතිකරුවකු ලෙසින් කණ්ඩායමට එක්ව සිටින ධනංජය ද සිල්වා සිය ඕවර 10 ලකුණු 37 කට සීමාකර ගත්තේය.

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්තානුවෝ කිසිම පැකිළීමකින් තොරවම පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්හ. ළහිරු කුමාරගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා ඊබ්‍රහිම් සද්රාන් ලකුණු 10 කට දැවී ගිය නමුත් රමනුල්ලා ගුර්බාස් සහ රහමත් ෂා දෙදෙනා එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙහෙසට පත්කළහ. තම තමන්ගේ කඩුලු ආරක්‍ෂා කරගන්නා අතරම මෙම පිතිකරුවෝ දෙදෙනා ඕවරයකදී ලකුණු 5 කට ආසන්න වේගයක් රඳවා ගත්හ.

ප්‍රහාරකයකු වන රමනුල්ලා ගුර්බාස්ගේ ඉනිම හතරේ පහර 4 කින් සහ හයේ පහර 4 කින් සමන්විත විය. රහමත් ෂාගේ ඉනිම හතරේ පහර 7 ක් ඇතුළත් වී තිබිණ.


ඇෆ්ඝනිස්ථානය - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 228 යි
(ඊබ්‍රහිම් සද්රාන් 10, රමනුල්ලා ගුර්බාස් 68, රහමත් ෂා 58, හෂ්මතුල්ලා සයිඩි 28, මොහොමඩ් නබි කසුන් රාජිත 31/3, මහීෂ් තීක්‍ෂණ 49/2, ළහිරු කුමාර 50/2)

ශ්‍රී ලංකාව - ඕවර 2.4 කදී කිසිවකු නොදැවී 10
(කුසල් මෙන්ඩිස් නොදැවී 02, පැතුම් නිස්සංක නොැවී 03)


අදහස් (1)

දෙවැනි තරගය වැස්සට සේදෙයි
  • Hira Monday, 28 November 2022 04:45 PM

    මට සංගාගේ නෝන මහත්තයත් මතක් වුණා.... පවු නේද?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.