Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඹුල්ල ක්‍රීඩකයෝ කඩුලු 3 කින් ජය ලබති
ජාතික සුපිරි ලීගය

දඹුල්ල ක්‍රීඩකයෝ කඩුලු 3 කින් ජය ලබති

editorial - 2024 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර අද (26 වැනිදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 262 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල ක්‍රීඩකයෝ ඕවර 48.4 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. පන්දු 100 කට මුහුණදුන් පවන් රත්නායක හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 90 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළේය. 

ලකුණු 75 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී රනේෂ් සිල්වා (50) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 123 කදී ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පවන් සමත් වූ අතර පන්දු 65 කදී වාර්තා වූ රනේෂ්ගේ ඉනිමට හතරේ පහර 3 ක් අන්තර්ඝත විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 261 ක් ලබාගත් අතර එහිදී ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු (53) සහ හසංක රත්නායක (55) අර්ධ ශතක ලබාගනිමින් කොළඹ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

පන්දු 62 කදී වාර්තා වූ අවිෂ්කගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 33 කදී වාර්තා වූ රත්නායකගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. විෂාද් රන්දික පන්දු 54 කින් ලකුණු 45 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. 


කොළඹ පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 261 
(අවිෂ්ක ප්‍රනාන්දු 53, ෂෙවෝන් ඩැනියෙල් 28, ක්‍රිෂාන් සංජුල 35, විෂාද් රන්දික 45, හසංක රත්නායක 55, චමිඳු වික්‍රමසිංහ 63/3, සොනාල් දිනූෂ 35/2) 

දඹුල්ල පිල - ඕවර 48.4 කදී කඩුලු 7 ක් දැවී 263 
(මිනෝද් භානුක 35, ලසිත් කෲස්පුල්ලේ 23, පවන් රත්නායක 90, රනේෂ් සිල්වා 50, දුෂාන් හේමන්ත නොදැවී 21, හසංක රත්නායක 39/3, දිනුර කළුපහණ 23/2) 

 


අදහස් (0)

දඹුල්ල ක්‍රීඩකයෝ කඩුලු 3 කින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.