Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකාව ගෙදර යවමින් එංගලන්තය අවසන් සටනට
කාන්තා ලෝක කුසලාන - 2022

දකුණු අප්‍රිකාව ගෙදර යවමින් එංගලන්තය අවසන් සටනට

editorial - 2022 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා ලෝක කුසලාන (2022) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම අද (31 වැනිදා) සමත් විය. වත්මන් ලෝක ශූරියන් වන එංගලන්ත ක්‍රීඩිකාවෝ එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබාගත් 8 වැනි අවස්ථාව මෙයයි. මින් පෙර අවසන් තරගයට පිවිසි අවස්ථා 7 න් 4 කදීම ශූරතාව දිනාගැනීමට ඔවුහු සමත් වූහ. 

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 137 ක පහසු ජයක් වාර්තා කරමින් එංගලන්ත ක්‍රීඩිකාවෝ අවසන් මහ තරගයට පිවිසියහ. ජයග්‍රහණය සඳහා ලකුණු 294 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට සොෆී එක්ලෙස්ටෝන් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 38 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 156 ක් පමණි. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ එක්ලෙස්ටෝන් ලකුණු 26 කට කඩුලු 6 ක් බිඳහෙළුවාය. දකුණු අප්‍රිකානු කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ මිග්නන් ඩුප්‍රේස් පන්දු 48 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 30 ක් රැස්කළාය. එහිදී ලාරා ගුඩෝල් පන්දු 49 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 28 ක්ද, නායිකා සුනී ලූස්, මැරිසේන් කේප් සහ ටී්‍රෂා චෙට්ටි ලකුණු 21 බැගින්ද රැස්කළහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 293 ක් ලබා ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණී ඩැනියෙල් වයට් පන්දු 125 කින් ලකුණු 129 ක් රැස්කළේ හතරේ පහර 12 ක් සමගිනි. සොෆියා ඩන්ක්ලි (60) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 112 කදී ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වයට් සමත් වූවාය. 

පන්දු 72 කට මුහුණදුන් ඩන්ක්ලි හතරේ පහර 4 කින් සිය අර්ධ ශකතය සැරසුවාය. ඇමී ජෝන්ස් පන්දු 32 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 28 ක්ද, සොෆී එක්ලෙස්ටොන් පන්දු 11 කදී හතරේ පහර 5 ක් සමග වේගවත් ලකුණු 24 ක්ද රැස්කරමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාව ආසන්නයට රැගෙන ගියහ. 

එංගලන්ත කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 293  
(ඩැනියෙල් වයට් 129, ඇමී ජෝන්ස් 28, සොෆියා ඩන්ක්ලි 60, සොෆී එක්ලෙස්ටෝන් 24, ශබ්නිම් ඉස්මයිල් 46/3, මැරිසේන් කේප් 52/2, මසබටා ක්ලාස් 55/2) 

දකුණු අප්‍රිකානු කාන්තා පිල - ඕවර 38 කදී සියලු දෙනා දැවී 156 
(ලාරා ගුඩෝල් 28, සුනී ලූස් 21, මිග්නන් ඩුප්‍රේස් 30, මැරිසේන් කේප් 21, ටී්‍රෂා චෙටිටි 21, සොෆී එක්ලෙස්ටෝන් 36/6, ඇන්‍යා ශ්රබ්සෝල් 27/2) 

-036 


අදහස් (0)

දකුණු අප්‍රිකාව ගෙදර යවමින් එංගලන්තය අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.