Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානුවෝ ඉනිමකින් ඉන්දියාව පරදවති

දකුණු අප්‍රිකානුවෝ ඉනිමකින් ඉන්දියාව පරදවති

editorial - 2023 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව ඊයේ (28 වැනිදා) සමත් විය. ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 163 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් ඉන්දීය කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 131 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නැන්ඩි්‍ර බර්ගර් ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගත් අතර මාකෝ ජැන්සන් ලකුණු 36 කට කඩුලු 3 ක්ද, කගිසෝ රබාඩා ලකුණු 32 කට කඩුලු 2 ක් බිඳහෙළමින් ඉන්දීය දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා බර්ගර්ට අනගි සහායක් දුන්හ. 

ඉන්දීය දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ විරාට් කෝලි හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 76 ක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවන්ගේ සහායෝගයක් නොලැබීම හේතුවෙන් සිය කණ්ඩායම ඉනිමක පරාජයකට පත්වීමෙන් වළක්වා ගැනීමට ඔහුට නොහැකි විය. 

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 245 ක් ලබාගත් අතර එහිදී ලොකේෂ් රාහුල් හයේ පහර 4 ක් සහ හතරේ පහර 14 ක් සමග සිය 8 වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවෝ සියලු දෙනා දැවී ලකුණු 408 ක් රැස්කළ අතර ඉන් ලකුණු 185 ක්ම ඩීන් එල්ගාගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු විය. සිය 14 වැනි ටෙස්ට් ශතකය වූ එම ඉනිම හතරේ පහර 28 කින් සැරසීමට එල්ගා සමත් විය. ඬේවිඞ් බෙඩිංහැම් (56) සහ මාකෝ ජැන්සන් (84) අර්ධ ශතක ලබමින් දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කළහ. 


ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 245 
(විරාට් කෝලි 38, ශ්‍රෙයාස් අයියර් 31, ලෝකේෂ් රාහුල් 101, ශර්ධුල් ඨාකුර් 24, කගිසෝ රබාඩා 59/5, නැන්ඩි්‍ර බර්ගර් 50/3) 

දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 408 
(ඩීන් එල්ගාර් 185, ටොනි ඩි’ සෝර්සි 28, ඬේවිඞ් බෙඩිංහැම් 56, මාකෝ ජැන්සන් 84, ජස්ප්‍රීට් බුම්රා 69/4, මොහොමඞ් සිරාජ් 91/2) 

ඉන්දීය දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 131 
(ශුබ්මන් ගිල් 26, විරාට් කෝලි 76, නැන්ඩි්‍ර බර්ගර් 33/4, මාකෝ ජැන්සන් 36/3, කගිසෝ රබාඩා 32/2) 

-036 


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ ඉනිමකින් ඉන්දියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.