Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානයට එරෙහිව වොන්ඩරර්ස්හිදී අනිද්දා (11 වැනිදා) ආරම්භවන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ නායකත්වය සඳහා ඩීන් එල්ගා පත්කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.
නිත්‍ය නායක ෆෆ් ඩු ප්ලෙසීස් තරග තහනමකට ලක්වීම හේතුවෙන් 31 හැවිරිදි ඩීන් එල්ගා නායකත්වයට පත් කළේය. දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 9 කින් ජයගත් නිව්ලන්ඞ්හී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදි නියමිත කාලය තුලදී ඕවර සංඛ්‍යාව නොයැවීම හේතුවෙන් ෆෆ් ඩු ප්ලෙසීස් තරග තහනමකට ලක්වීය.
මාස 12 ක් තුල ෆෆ් ඩු ප්ලෙසීස් නායකත්වය යටතේ නියමිත කාලය තුල ඕවර සංඛ්‍යාව නොයැවූ දෙවැනි අවස්ථාව විය.
ඩීන් එල්ගා දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ දෙවැනි අවස්ථා වන්නේය. බිරිඳ පළමු දරු ප්‍රසූතිය සිදුකිරීම හේතුවෙන් ෆෆ් ඩු ප්ලෙසීස් 2017 එංගලන්තයේ ලෝර්ඞ්හී පැවැති පළමු ටෙස්ට් තරගයට එක් නොවීම හේතුවෙන් දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය පළමු වරට ඩීන් එල්ගාට හිමිවිය.
ඩීන් එල්ගා සමගින් ඉනිම අරඹන ඒඞ්න් මාක්‍රම් හෙට (10 වැනිදා) පැවැත්වෙන ශරීර යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත් වුවහොත් ඔහුගේ ස්ථානය සඳහා යොදාගැනීමට ටෙස්ට් වරම් හිමිකර නොගත් පීටර් මාලන් සංචිතයට නම්කර ඇත.
29 හැවිරිදි මාලන් පසුගිය පළමු පෙළ තරගාවලි 2 කදී ශතක 7 ක් ලබාගැනීමට සමත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.