මෙවර තරගමාලාවේ සිය පළමු තරගයෙන් අනපේක්ෂිත ලෙස ජපානය හමුවේ ලජ්ජාශීලී පරාජයක් ලැබුවද එම තුවාලය එහෙම පිටින්ම සුවකර ගනිමින් ඔවුන් ලකුණු 64-0 කින් ලැබූ මේ ජයග්‍රහණයත් සමග ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගත්තේ අවසන් කණ්ඩායම් අට අතරේ ස්ථානයක්ද වෙන්කර ගනිමිනි.
එක්සත් ජනපදයට එරෙහිව ලබාගත් උත්සාහක දිනුම් වැලෙන් ඊළග වටයේ දී ‘ඒ‘ කාණ්ඩයේ දෙවැනි තැනට පත්වනු ඇතැයි සිතෙන වේල්සයට හෝ ඕස්ටේ්රලියාවට ඇග හිරිවට්ටන අනතුරු ඇගවීමක් කිරීමටද දකුණු අපි‍්‍රකානුවෝ සමත් වූහ.
තරගයේ 6 වැනි මිනිත්තුවේ සෙන්ටර් කී‍්‍රඩක ඬේමියන් ඩි ඇලෙන්ඩා තැබූ උත්සාහක දිනුමෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළ ස්පි‍්‍රංග්බොක්ස්ලාට 26 වැනි මිනිත්තුවේ දී ලැබුණු දඩුවම් උත්සාහක දිනුමත් දෙකම සාර්ථකව ගෝල බවට පත්කළ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක හෙන්රි පොලාර්ඞ් පළමු භාගය නිමාවෙද්දී දකුණු අපි‍්‍රකානුවන්ගේ ලකුණු සංඛ්‍යාව 14-0 ක් ලෙසින් ඉහළ දමා තිබිණ.
ඉන් නොනැවතී තරගයේ දෙවැනි භාගය පුරාම සිය අණසක පැතිරවූ ස්පි‍්‍රංග්බොක්ස්ලා ඒ කාලය තුළ ලබාගත් උත්සාහක දිනුම් ප්‍රමාණය 8 කි. හබානාගේ වාර්තාගත උත්සාහක දිනුම් තුනම තැබුවේ දෙවැනි අර්ධයේදීය.
දෙවැනි භාගයේ ආරම්භයේදීම උත්සාහක දිනුම් වැස්ස ඇරඹුනේ බ්‍රයන් හබානා තැබූ පළමු උත්සාහක දිනුමෙනි. අනතුරුව 58 වැනි මිනිත්තුවේදී සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ හෙතෙම ඊට මිනිත්තු දෙකකට පසුව තුන්වැනි එකත් තැබුවේ ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් තැබූ ලෝමුගේ විශිෂ්ට වාර්තාව සමකිරීමේ ගෞරවය දිනාගනිමිනි.
ඒ අතරතුර කාලයේ බිස්මාක් ඩු ප්ලෙසිස්ගේ සහ ෆ්රැන්කොයිස් ලෝව්ගේ උත්සාහක දිනුම් දෙකක්ද සමග ස්පි‍්‍රංග්බොක්ස්ලාගේ මුලූ ලකුණු සංඛ්‍යාව 47-0 කින් ඉහළ ගියේ අමෙරිකානු කී‍්‍රඩකයන්ට දරුණු පරාජයක පෙරනිමිති පහළ කරමිනි.
තරගයේ ඉතිරි කාලය පුරා නිදහසේ හා සැහැල්ලූවෙන් යුතුව කී‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකානුවන්ට කිසිදු අභියෝගයක් එල්ල කිරිමට අමෙරිකානුවන් අසමත්වූ අතර 68 වැනි මිනිත්තුවේ දී ලෝව් සිය දෙවැනි උත්සාහක දිනුම තැබීය. 72 වැනි මිනිත්තුවේ දී ජෙසී කී්රල්ගේ උත්සාහක දිනුමත් සමග සිය ලකුණු සංඛ්‍යාව 57 දක්වා ඉහළ දමාගත් ස්පි‍්‍රංග්බොක්ස්ලාගේ උත්සාහක දිනුම් සංඛ්‍යාව 10 දක්වා වැඩි කරගත්තේ තරගයේ අන්තිම මිනිත්තුවේ දී වින්ග් කී‍්‍රඩක ලොව්සි මූව්වෝ තැබූ උත්සාහක දිනුමෙනි.
ස්කොට්ලන්තය සමග පැවැති තරගයෙන් පරාජයට පත්වීමෙන් පසුව මේ තරගයේදි අමෙරිකානු පිලේ වෙනස්කම් 12 ක්ම කර තිබුණත් ඔවුන්ට හැරෙන්නටවත් ඉඩ නොතැබූ ස්පි‍්‍රංග්බොක්ස්ලා තරගය පුරාම ඔවුන් නරඹන්නන් බවට පත්කළේ මෙවර ලෝක කුසලාන තරගයක කිසිදු ලකුණක් රැස් නොකළ මුල්ම කණ්ඩායම බවට ඔවුන්ව පත් කරවමිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.