ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් පිල අතර විසාකාපට්ටම්හිදී අද (18) පැවැති දිනයේ පළමු තරගයෙන් දිල්ලි පිල ලකුණු 4 ක තියුණු ජය ලැබීය.
දිල්ලි පිල මේ වන විට තරග හතරකට සහභාගි වී ජයග‍්‍රහණ දෙකක් ජය ලබා සිටියි. ජයග‍්‍රහණය සදහා ලකුණු 168 ක ඉලක්කය හඹාගිය හයිද්‍රාබාද් පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 163 ක් පමණි. ජේ. පී. ඩුමිනි දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 17 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් විය.
දිල්ලි පිල නියෝජනය කරන ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඕවර හතරේදී ලකුණු 38 ට ලෝකේෂ් රහුල් දවා ගත්තේය. ඇන්ජලෝ මැතිව්ස් පන්දු 11 කදී හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 15 ක් රැස්කිරීමට ද සමත් විය.
ඉන්දීය යොවුන් පිතිකරු ශරියාස් අයියර් පන්දු 40 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 60 ක් රැස්කරමින් දිල්ලි පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
නායක ජේ. පී. ඩුමිනි පන්දු 41 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 54 ක් රැස් කළේය.
දිල්ලි පිලේ නායක ජේ. පී. ඩුමිනි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 167
(ශරියාස් අයියර් 60, ජේ. පී. ඩුමිනි 54, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 15, කිදාර් යාදේව් නොදැවී 19)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 163
(ඬේවිඞ් වෝනර් 28, ශීකර් ධවාන් 18, රවී බොපරා 41, ලෝකේෂ් රාහුල් 24, අෂිෂ් රෙඞ්ලි 15, කරන් ශර්මා 19, ජේ. පී. ඩුමින් 17/4)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.