Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 40 කට අධික තුරග තරග ආශ‍්‍රිත අත්දැකීම් සහිත පුහුණුකරුවන් මෙන්ම අසරුවන් ඇතුළු සහාය සේවක මඩුල්ලක් සේවය කරන නුවරඑළිය තුරඟ තරග පිටියේදී තුරඟ තරග ක‍්‍රීඩාව ආරම්භ වූයේ උපාලි විජයවර්ධන මහතාගේ මැදිහත්වීමෙනි. ඒ 1979 සහ 1982 යන වර්ෂ වලදී සිංගප්පූරුව ඉන්දියාව වැනි රටවලින් උසස් කුලයේ ‘අජානේය’ අශ්වයන් මෙරටට ගෙන්වීමත් සමග ඇති වූ පිබිදීමෙනි.
ඉතාමත් අවාසනාවන්ත ලෙසින් 1983 වර්ෂයේදී සිදුවූ උපාලි විජයවර්ධනයන්ගේ අභාවයෙන් පසුව රාජන් සෙල්ලමුත්තු මහතාගේ ප‍්‍රධානත්වයෙන් තුරඟ තරග දිගින් දිගටම පවත්වාගෙන යන ලදි. අනතුරුව ශ‍්‍රී ලංකා තුරඟ තරග සමාජය බිහිවිය.
2000 වර්ෂයෙන් පසු යුගයේ තුරඟ තරග සීමිත පිරිසකගේ පුද්ගලික විනෝදය අරභයා සෑම වසරකම අපේ‍්‍රල් මාසයේදී පමණක් පැවැත්වෙන සැණකෙළියක් බවට පත් වූ බවත් නොරහසකි.
නුවර එළිය තුරඟ තරග ආශ‍්‍රීත යටිතල පහසුකම් දියුණු කිරීම සපුරාම අත් හැර දැමුණු අතර ක‍්‍රීඩාවේ ප‍්‍රගමනයට විශාල දායකත්වයක් සපයන අශ්වාරෝහකයන්ගේ පුහුණුකරුවන්ගේ සහ අනෙකුත් සේවකයන්ගේ වැටුප් සහ දීමනා ගෙවීමද, පැවැත්වූ තරග වලට අදාළ තරග තෑගි මුදල් ගෙවීමද හරිහැටි නොකෙරිණ. මෙම තත්ත්වය මත ඇතිවූ කළකිරීම නිසා අශ්වාරෝහකයෝ සහ පුහුණුකරුවෝ රට හැර ගියහ.
සීමිත පිරිසකගේ ආර්ථික ලාභ ඉලක්ක කර ගනිමින් විදේශ රටවලින් මෙරටට ගෙන්වන අශ්වයන් ශී‍්‍ර ලංකාවේ අශ්ව හිමියන්ට අධික මිලකට අලෙවි කරන ලද අතරම තරග වලට ඉදිරිපත් වීමට සූදානම් කරන ලද අශ්වයන්ට තහනම් උත්තේජක දෙන ලදි. මෙම හේතූන් නිසා සතුන්ගේ ශාරීරික යෝග්‍යතාව පහත වැටී අශ්වයන් විශාල ගණනක් මිය ගියේය.
තරග වලට සහභාගී වී ජයග‍්‍රහණය කරන ලද අශ්වයන්ට නියමිත ත්‍යාග නොදී අත්තනෝමතික ලෙස තරග අවලංගු කිරීම වැනි අයුක්තිසහගත තීරණ වලින් ගහණ වූ ශ‍්‍රී ලංකා තුරඟ තරග සමාජයේ කටයුතු ක‍්‍රීඩාව සම්බන්ධව උනන්දුවක් දක්වන සියල්ලන්ගේම දැඩි විවේචනයට ලක්විය. එහෙත් ප‍්‍රතිඵලයක් අත් නොවිණ.
තුරඟ තරග ක‍්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් මෙරට ක‍්‍රීඩා ලෝලීන් අතර පැන නැගී තිබුණේ විශාල ප‍්‍රශ්නාර්ථයකි.
ඉතා අයහපත් තත්වයකට පත්ව පැවති තුරඟ තරග ක‍්‍රීඩාව පිළිබඳ උද්යෝගය නැවතත් ඉහළ නංවමින් 2015 වසරේදී පිහිටුවන ලද නුවරඑළිය රාජකීය තුරග තරග සමාජය පසුගිය මාස කිහිපයක කාලය මුළුල්ලේ නුවර එළිය තුරඟ තරග පිටිය ආශ‍්‍රීතව කරන ලද සහ මේ වන විට නිම වෙමින් පවතින යටිතල පහසුකම් ඉහළ නැංවීම සඳහා විශාල කාර්යභාරයක් කර තිබේ.
ජාත්‍යන්තර මට්ටමේ තුරග තරග පැවැත්වීමට සුදුසු කේන්ද්‍රස්ථානයක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීම සඳහා අත්දැකීම් සහිත විදේශීය තුරග තරග ප‍්‍රවීණයන්ගේ සහ විශේෂඥයන්ගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ ක‍්‍රියාත්මක වූ වැඩපිළිවෙලක් හරහා නුවර එළිය තුරඟ තරග පිටිය ජාත්‍යන්තර මට්ටමේ තුරග තරග පැවැත්වීමේ ස්ථානයක් බවට යළිත් පත් කිරීමට නුවරඑළිය රාජකීය තුරඟ තරග සමාජය මේ වනවිට සමත්ව තිබේ.
මෙවන් පසුබිමක් තුළ, ස්වකීය ඒකාධිකාරය ගිලිහී ගිය ඉතා සුළු පිරිසක් මෙම මහඟු ප‍්‍රයත්නය දුර්වල කොට නැවතත් ස්වකීය අයුක්තිසහගත තුරඟ තරග සංස්කෘතිය බල ගැන්වීමේ නිර්ලජ්ජිත ප‍්‍රයත්නයක නියැලී සිටින බවට වාර්තාවේ.
කරුණු එසේ හෙයින්, වසර 40 කට අධික තුරග තරග ආශ‍්‍රිත අත්දැකීම් සහිත පුහුණුකරුවන් සහ අසරුවන් ඇතුළු සහාය සේවක මඩුල්ලක් සේවය කරන නුවරඑළිය තුරඟ තරග පිටිය ආශ‍්‍රිත තුරඟ තරග ක‍්‍රීඩාව පිළිබඳ ඉතා සමීප දැනුමක් හා අවබෝධයකින් හෙබි අය ප‍්‍රකාශ කර සිටින්නේ නුවරඑළිය තුරග තරඟ සමාජය සමග අත්වැල් බැඳගනිමින් ශී‍්‍ර ලංකාවේ තුරඟ තරග ක‍්‍රීඩාව නැවතත් ඔසවා තැබිය යුතු බවයි.
ශී‍්‍ර ලංකවේ ජාත්‍යන්තර ක‍්‍රීඩා ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා වන ප‍්‍රයත්නයට ඔව්හු සියලූ දෙනාම සහය පළ කර සිටිති. ශී‍්‍ර ලංකාවේ තුරඟ තරග ක‍්‍රීඩාව අගාධයට ඇද දමමින් ඉතා අදුරදර්ශී වැඩපිළීවෙළක් ගෙන ගිය පුද්ගලයන්ට මෙම වැඩපිළීවෙල අඩාල කිරීමට ඉඩ නොදෙන බවත් ඔව්හු කියති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.