Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තිරිමාන්න ප්‍රවේගකාරී පිතිහරඹයක

තිරිමාන්න ප්‍රවේගකාරී පිතිහරඹයක

editorial - 2024 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලොව පුරා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘ලෙජන්ඩ්ස් කුසලාන’ විස්සයි-20 තරගාවලිය ඊයේ (11 වැනිදා) පැවැති තරගයකදී දිල්ලි ඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් සමග පන්දු 39 කින් වේගවත් ලකුණු 90 ක් රැස්කිරීමට නිව්යෝක් සුපර් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න සමත් විය. 

තිරිමාන්නගේ පිතිහරඹය හමුවේ නියමිත ඕවර 15 අවසන් වන විට නිව්යෝක් සුපර් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 185 ක ලබාගත්තේය. එහිදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඇල්විරෝ පීටර්සන් (10) ක් සමග එක්ව පන්දු 33 කදී ලකුණු 56 ක්ද, තෙවනැනි කඩුල්ල වෙනුවෙන් අසේල ගුණරත්න (17) සමග එක්ව පන්දු 21 කදී ලකුණු 51 ක්ද එක් කිරීමටද තිරිමාන්න සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 186 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙවිල්ස් කණ්ඩායමට ඉසුරු උදාන ප්‍රමුඛ නිව්යෝක් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 15 අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි. එහිදී ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගත් ඉසුරු දිල්ලි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමුවේය. 

දිල්ලි නායක සුරේෂ් රයිනා පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 50 ක් රැස්කළ අතර අෂාන් ප්‍රියංජන් පන්දු 11 කින් නොදැවී ලකුණු 20 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. අම්බටි රයිඩු පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 19 ක්ද, බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 10 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 19 ක්ද රැස්කළහ. 

නිව්යෝක් සුපර් ස්ට්‍රයිකර්ස් පිල - ඕවර 15 කදී කඩුලු 6 කට 185 
(ළහිරු තිරිමාන්න 90, අසේල ගුණරත්න 17, ඉෂාන් මල්හෝත්‍රා 35/2, අනුරීට් සිං 42/2) 

දිල්ලි ඩෙවිල්ස් පිල - ඕවර 15 කදී කඩුලු 5 කට 135 
(සුරේෂ් රයිනා නොදැවී 50, අම්බටි රයිඩු 19, බ්‍රෙන්ඩන් ටේලර් 19, අෂාන් ප්‍රියංජන් නොදැවී 20, ඉසුරු උදාන 34/3) 

-036 


අදහස් (0)

තිරිමාන්න ප්‍රවේගකාරී පිතිහරඹයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.