
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ 'ඒ' කාණ්ඩය යටතේ අද (23 වැනිදා) පැවති තරගයකදී මහනුවර කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව ලකුණු 53-06 දැවැන්ත ජයක් වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය. මේ දක්වා තරග 5 කට සහභාගි වී ඇති ත්‍රිත්ව විදුහල එහිදී ලැබූ සිවුවැනි ජය මෙය විය.
මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-06 ක් ලෙස පෙරමුණ ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය. එහිදී ත්‍රිත්ව ක්‍රීඩකයින් ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් සමගින් ලකුණු රැස්කළ අතර කිංග්ස්වුඩ් ක්‍රීඩකයන් ලකුණු රැස්කළේ දඬුවම් පහර 2 ක් සමගිනි.
දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 4 ක් ලබාගත් ත්‍රිත්ව ක්‍රීඩකයෝ, එහිදී කිංග්ස්වුඩ් ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීම සඳහා කිසිදු අවස්ථාවක් ලබා නොදුන්හ. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 53-06 ක් ලෙස තරගයේ ජය ත්‍රිත්ව විදුහල සතු විය. කිංග්ස්වුඩ් විදුහල මෙවර තරගාවලියේදී පිට පිටම ලද සිවුවැනි පරාජය මෙය විය.





(ඡායාරූප - ඩයලොග් අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.