Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තරුෂ්ක අසෙල් විශිෂ්ට පිතිහරඹයක
තර්ස්ටන් - ඉසිපතන 61 වැනි ගැටුම

තරුෂ්ක අසෙල් විශිෂ්ට පිතිහරඹයක

editorial - 2024 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඉසිපතන උපනායක තරුෂ්ක අසෙල් (102) කළ ධෛර්යවත් පිතිහරඹය නිසා හිස් ඔසවාගත් ඉසිපතන ක්‍රීඩකයෝ, කොළඹ එස්.එස්.සී. පිටියේදී අද (24 වැනිදා) ආරම්භ වූ 61 වැනි මහ ක්‍රිකට් තරගයේදී තර්ස්ටන් විදුහලට එරෙහිව ලකුණු 250 ක් ලබාගත්හ. තරගයේ පළමු දිනය අවසන් වන විට තර්ස්ටන් විදුහල කඩුල්ලක් දැවී ලකුණු 53 ක් ලබා සිටියේය. 

තර්ස්ටන් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ විහස් තෙව්මික ලකුණු 74 කට කඩුලු 6 ක් දවාගත්තේය. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් තරග 10 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ඇති තර්ස්ටන් නායකයා, පිට දඟ පන්දු යැවීමෙන් ඉසිපතන පිල මෙල්ල කරගත් නමුත් තරුෂ්ක මෙල්ල කරගැනීමට අපොහොසත් විය. 

ලකුණු 19 දී පළමු වැනි ඉසිපතන කඩුල්ල බිඳ වැටුණද, පිළිවෙලින් 2 වැනි (45), සිව්වැනි (55) සහ පස්වැනි (43) කඩුලු වෙනුවෙන් සාර්ථක සම්බන්ධතා තුනක් ගොඩනැවූ තරුෂ්ක දැවී ගියේ 9 වැනි පිතිකරුවා ලෙසිනි. ඒ වන විටත් ලකුණු 231 ක් ලබා සිටි ඉසිපතන කණ්ඩායම ලකුණු 250 සීමාව පැනගැනීමෙන් පසුව පන්දුවට පහර දීමේ අවස්ථාව තර්ස්ටන් පිලට පැවරීය. 

ඉසිපතන විදුහල - පළමු ඉනිම කඩුලු 9 ට 250 යි 
(එන්. උමෙත් 14, තරුෂ්ක අසෙල් 102, කෙවින් සැමුවෙල් 19, ආර්. සෙනරත් 20, ලෙසඳු කල්පගේ 11, එස්. ගුණවර්ධන 15, චනුල් දිනෝත් නොදැවී 22, විහස් තෙව්මික 74/6, තනුග පළිහවඩන 56/2)

තර්ස්ටන් විදුහල - පළමු (දිනය නිමාවේදී) කඩුලු 1 ට 53 යි
(ඩී. ඉඳුරුව 19, තනූජ රාජපක්‍ෂ නොදැවී 33)


අදහස් (0)

තරුෂ්ක අසෙල් විශිෂ්ට පිතිහරඹයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.