Last Update  :  2025-12-14 21:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තරංග - ෆ්ලෙචර් ෂිලාත් පිල දිනවති

තරංග - ෆ්ලෙචර් ෂිලාත් පිල දිනවති

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි-20 ලීග් තරගාවලිය ආරම්භ කරමින් අද (4 වැනිදා) ෂිලාත්හිදී පැවැති තරගයේදී උපුල් තරංග සහ ඇන්ඩ්‍රි ෆ්ලෙචර් දැක්වූ දස්කම් හේතුවෙන් ෂිලාත් සික්සර්ස් කණ්ඩායම විසින් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම කඩුලු 9 කින් පරාජය කරන ලදී.

ලකුණු 137 ක පහසු ඉලක්කයක් හඹා ගිය ෂිලාත් සික්සර්ස් පිල වෙනුවෙන් විශිෂ්ට ආරම්භයක් ලබාගත් උපුල් තරංග සහ ඇන්ඩි්‍ර ෆ්ලෙචර් දෙදෙනා පන්දු 93 කදී ලකුණු 125 ක් එකතු කරමින් ෂිලාත් කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයටම කැඳවාගෙන ගියහ. පන්දු 51 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 63 ක් ලබාගත් ෆ්ලෙචර් දැවී ගිය නමුත් තරංග සිය කාර්යය අවසන් වන තුරුත් පිටියේ රැඳී සිටියේය.

පන්දු 48 කට මුහුණ දෙමින් උපුල් තරංග නොදැවී ලබාගත් ලකුණු 69 හතරේ පහර 5 කින් සහ හයේ පහර දෙකකින් අලංකාරවත් වී තිබිණ.

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් නමුත් ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 136 ක් පමණි.

ඩයිනමයිට්ස් පිලේ පළමු කඩුල්ල පළමු ඕවරයේදීම දැවී යාම හේතුවෙන් පිටියට පිවිසි අංක 3 පිතිකරු සංගක්කාර, කොදෙව් පිතිකරු එවින් ලුවිස් සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. එහෙත් ලකුණු 66 දී  සංගක්කාර දැවීයාමෙන් පසුව ඩයිනමයිට්ස් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 70 ක් පමණි.

ඩයිනමයිට්ස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ සංගක්කාර පන්දු 28 කින් 4 ක් හතරේ සීමාව පසුකර යැවූ අතර ඉන් එකක් ඊට ඉහළින් යැවීය.


ඩකා ඩයිනමයිට්ස් - ඕවර 20 කදී කඩුලු 7 ට 136
(එවින් ලුවිස් 26, කුමාර් සංගක්කාර 32, සකිබ් අල් හසන් 23, කරන් පොලාර්ඞ් 11, කැමරන් ඩෙල්පෝට් 20, නසීර් හොසේන් 40/2, අබ්දුල් හසන් 24/2, ලයාම් ප්ලන්කට් 20/2)

ෂිලාත් සික්සර්ස්  - ඕවර 16.5 කදී කඩුල්ලක් දැවී 137
(උපුල් තරංග නොදැවී 69, ඇන්ඩ්‍රි ෆ්ලෙචර් 63)

 


අදහස් (1)

තරංග - ෆ්ලෙචර් ෂිලාත් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.