Last Update  :  2025-12-28 14:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තිසර කොමිලා වික්ටෝරියන්ස් පිල දිනවයි

තිසර කොමිලා වික්ටෝරියන්ස් පිල දිනවයි

ශනුක අරවින්ද - 2019 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තිසර පෙර්රාගේ තුන් ඉරියව් දස්කම් හමුවේ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් අත්කර ගැනීමට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 246 කට සීමා කිරීමට තිසර පෙරේරා ප්‍රමුඛ කොමිලා වික්ටෝරියන්ස් පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ තිසර ඕවර 3 ක් යවමින් ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් විය. ඩකා ඉනිමේ 17 වැනි ඕවරයේදී කඩුලු 2 ක් බිඳහෙළු තිසර, 19 වැනි ඕවරය එක් ලකුණකට සීමා කරමින් ඩකා ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී බලාපොරොත්තු සුනුවිසුණු කර දැමුවේය. එහිදී උඩ පන්දු 2 ක් රැක ගැනීමටද තිසර සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 153 ක් ලබාගත් අතර එහිදී පන්දු 12 කට මුහුණදුන් තිසර හයේ පහර 3 ක් සමගින් ලකුණු 26 ක් රැස්කළේය.

කොමිලා වික්ටෝරියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 153
(ටමීම් ඉක්බාල් 34, ශම්සුර් රෙහෙමාන් 48, සහීඞ් අෆ්රිඩි 16, තිසර පෙරේරා 26, ශකීබ් අල් හසන් 24/3, රුබෙල් හොසේන් 26/2, ඔන්ඩ්‍රි රසල් 27/2)

ඩකා ඩයිනමයිට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 146
(සුනිල් නරේන් 20, දර්විෂ් රසූල් 19, ශකීබ් අල් හසන් 20, ඔන්ඩ්‍රි රසල් 46, තිසර පෙරේරා 14/3, සහීඞ් අෆ්රිඩි 18/2)

-036


අදහස් (0)

තිසර කොමිලා වික්ටෝරියන්ස් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.