වසර 2013 ‘චැම්පියන්ස් ලීග්’ තරගාවලිය ආරම්භ කරමින් මේ මස 17 වැනිදා පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරගාවලියේ පළමු තරගය සඳහා ඔටාගෝ වෝල්ට්ස් පිලත් ෆයිස්ලාබාද් වුල්ව්ස් කණ්ඩායමත් පිටියට පිවිසෙති. මෙම තරගය එදින පස්වරු 4.00 ට ආරම්භ වන තරගය පන්ජාබ් ප‍්‍රාන්තයේ මොහාලි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි.
තරග 29 කින් සමන්විත තරගාවලියට කණ්ඩායම් 12 ක් එක්ව සිටිති. කි‍්‍රකට් කී‍්‍රඩාවේ ප‍්‍රබලම රටවල දේශීය විස්සයි/20 තරගාවලි අතරේ ඉන්දියාවෙන් හොඳම කණ්ඩායම් 3 ක්ද, ඕස්ටේ‍්‍රලියාවෙන් සහ දකුණු අපි‍්‍රකාවෙන් හොඳම කණ්ඩායම් දෙකක් බැගින්ද, බටහිර ඉන්දීය දූපත් සමූහයෙන් කණ්ඩායමක්ද ප‍්‍රධාන තරගාවලිය සඳහා තේරී සිටිති.
නවසීලන්තයෙන්, පාකිස්තානයෙන් සහ ශී‍්‍ර ලංකාවෙන් පැමිණෙන කණ්ඩායම් සහ අයි. පී. එල්. තරගාවලියේ සිවුවැනි කණ්ඩායමත් සුදුසුකම් තේරීමේ තරගාවලියකට ඉදිරිපත් වීමෙන් පසුව ඒවායින් කණ්ඩායම් දෙකක් ප‍්‍රධාන තරගාවලිය සඳහා තෝරා ගනු ලැබේ.
තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන සල්ලි මල්ල ඇමරිකානු ඩොලර් මිලියන 6 ක් හෙවත් වත්මන් වටිනාකම අනුව ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් කෝටි 78 කි.
තරගාවලියේ අවසන් තරගය ඔක්තෝබර් 6 වැනිදා නවදිල්ලි නුවර ෆිරෝෂා කොට්ලා කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
සුදුසුකම් තේරීමේ තරගාවලියේ තරග කාලසටහන
| දිනය | තරගය | වේලාව | කණ්ඩායම | කණ්ඩායම | කී‍්‍රඩාංගණය |
| සැප්. 17 | ප. ව. 4.00 | ඔටාගෝ වොල්ට්ස් | ෆයිස්ලාබාද් වුල්ව්ස් | මොහාලි | |
| ප. ව. 8.00 | සන්රයිසස් හයිද්‍රාබාද් | කඳුරට මෙරුන්ස් | |||
| සැප්. 18 | ප. ව. 4.00 | ඔටාගෝ වොල්ට්ස් | කඳුරට මෙරුන්ස් | මොහාලි | |
| ප. ව. 8.00 | සන්රයිසස් හයිද්‍රාබාද් | ෆයිස්ලාබාද් වුල්ව්ස් | |||
| සැප්. 20 | ප. ව. 4.00 | ෆයිස්ලාබාද් වුල්ව්ස් | කඳුරට මෙරුන්ස් | මොහාලි | |
| ප. ව. 8.00 | සන්රයිසස් හයිද්‍රාබාද් | ඔටාගෝ වොල්ට්ස් | |||
| සම්පූර්ණ තරගාවලියේ කාලසටහන සුදුසුකම් ලැබීමේ තරග අවසානයේදී බලාපොරොත්තු වන්න | |||||
ඡයාරූපය : ‘සහරාසමය’ වෙබ් අඩවිය ඇසුරිනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.