Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩිලාන්ගෙන් නව වාර්තාවක්

ඩිලාන්ගෙන් නව වාර්තාවක්

ශනුක අරවින්ද - 2018 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 22 වැනි වරටත් සංවිධානය කළ ‘සදර්න් එලියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ නව වාර්තාවක්ද පිහිටුවමින් තරගකරුවෙකු දැක්වූ හොඳම තරග නිමි කාලය වාර්තා කිරීමට ඩිලාන් සෙනෙවිරත්න සමත් විය.

‘එස්-එල්-එෆ්’ කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1665 දක්වා) නවීකරණය කළ ෆෝර්මියුලා මැක්ලරන්ස් මෝටර් රථ තරගයට සහභාගි වූ ඩිලාන්ට එම තරගයේ වටයක් නිමා කිරීම සඳහා වැයවූ අඩුම කාලය වූයේ තත්පර 32.422 කි.

අඩුම කාලයකින් (තත්. 35.076 කින්) තරගය නිමා කළ යතුරුපැදිකරුවා ලෙස සම්මාන හිමිකරගැනීමට දුෂාන් මුදලිගේ සමත් විය. ඔහු එම සම්මානයට හිමිකම් කීවේ ‘එස්-එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපර් මෝටාඞ් විවෘත යතුරුපැදි තරගය ජය ගනිමිනි.

මීටර් 800 ක දිගකින් යුත් මාර්ගයක පැවැති මෙම තරගාවලියට මෝටර් රථ ඉසව් 14 ක් සහ යතුරුපැදි ඉසව් 11 ක් ඇතුළත් වූ අතර ඒ සඳහා තරගකරුවෝ 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.

යතුරුපැදි තරග ප්‍රතිඵල

■    ‘ඕ’ කාණ්ඩයේ (සි. ධා. 100 සිට 125 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි
1 සංජීව උදය කුමාර (තත්. 42.236)
2 චමින්ද සුභසිංහ (තත්. 43.299)
3 සුපුන් ධනුෂ්ක (තත්. 44.196)

■    ‘ඕ’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට 160 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි
1 අසංක සමරවික්‍රම (තත්. 40.753)
2 විනුල පතිරගේ (තත්. 40.969)
3 මංගල පතිරගේ (තත්. 41.858)

■    ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 100 සිට 125 දක්වා) නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි
1 දම්මික සේනාරත්න (තත්. 42.763)
2 සංජීව උදය කුමාර (තත්. 43.596)
3 ඉසුරු මධුෂාන් (තත්. 44.536)

■    ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 175 සිට 250 දක්වා) නවීකරණය කළ යතුරුපැදි
1 නිපුන් දිලංක (තත්. 37.542)
2 මධුර පීරිස් (තත්. 37.567)
3 ජානක දිනේෂ් (තත්. 38.094)

■    ‘එස්-එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි
1 මහීල් පිවිත්‍ර (තත්. 38.155)
2 නිපුන් දිංලක (තත්. 38.254)
3 කවිඳු මුදලිගේ (තත්. 38.350)

■    ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 600 දක්වා) නවීකරණය කළ යතුරුපැදි
1 අමල් සුපුන් සුරාජ් (තත්. 40.853)
2 අමිල හෂාන් (තත්. 43.190)
3 එස්.ඩී.ඩී. නදීෂාන් (තත්. 44.471)

■    ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) ස්ටී්‍රට් ටේ්‍රල්  යතුරුපැදි
1 ළහිරු රන්දීප් (තත්. 38.899)
2 මහීල් පවිත්‍ර (තත්. 38.965)
3 ඉෂාන් එදිරිසිංහ (තත්. 39.448)

■    ‘එස්-එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි (විවෘත)
1 දුෂාන් මුදලිගේ (තත්. 35.076)
2 යොහාන් දාබරේ (තත්. 38.659)
3 කුෂාන් මුදලිගේ (තත්. 41.758)

■    ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) ස්ටී්‍රට් ටේ්‍රල් යතුරුපැදි
1 ෂේන් මාර්ක් ද සිල්වා (තත්. 38.733)
2 එච්.ජී. කසුන් (තත්. 42.820)
3 එස්. වාසුදේවන් (තත්. 44.566)

■    ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නවීකරණය කළ යතුරුපැදි
1 ඉන්සාෆ් බාෂීර් (තත්. 38.002)
2 ළහිරු රන්දීප් (තත්. 38.399)
3 ඉෂාන් එදිරිසිංහ (තත්. 42.090)

■    සංචාරය සඳහා නවීකරණය කළ (සි. ධා. 700 දක්වා) ක්‍රීඩා යතුරුපැදි
1 අකලංක පෙරේරා (තත්. 39.176)
2 ශෂික සඳරුවන් (තත්. 39.765)
3 අමිල හෂාන් (තත්. 41.611)

මෝටර් රථ තරග ප්‍රතිඵල

■    ‘එස්-එල්-එන්’ කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 රජිත් උළුවිට (තත්. 39.712)
2 ෂෙනාල් ගුණවර්ධන (තත්. 40.167)
3 මහේෂ් කොදාගොඩ (තත්. 41.862)

■    ‘එස්-එල්-එෆ්’ කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝර්මියුලා මැක්ලරන්ස් මෝටර් රථ
1 චන්දිම ගුණරත්න (තත්. 36.644)
2 බ්‍රයන් පෙරේරා (තත්. 36.773)
3 රංජය දිසානායක (තත්. 37.320)

■    ‘එස්-එල්-එෆ්’ කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) ෆෝර්මියුලා මැක්ලරන්ස් මෝටර් රථ
1 ඩිලාන් සෙනෙවිරත්න (තත්. 35.435)
2 නධීර ජිනසේන (තත්. 36.064)

■    ‘එස්-එල්-එෆ්’ කාණ්ඩයේ (සි. ධා. 1665 දක්වා) නවීකරණය කළ ෆෝර්මියුලා මැක්ලරන්ස් මෝටර් රථ
1 ඩිලාන් සෙනෙවිරත්න (තත්. 32.422)

■    ‘ටී-ජේ’ කාණ්ඩයේ ට්‍රක් සහ ජීප් රථ (විවෘත)
1 ඉෂ්රාක් වහබ් (තත්. 39.054)
2 සංජය සේදර සෙනරත් (තත්. 43.818)
3 කාසිම් වහබ් (තත්. 49.602)

■     ‘එස්-එල්-ඒ’ කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) මෝටර් රථ
1 මහේන් මඩුගල්ල (තත්. 38.630)
2 චාමික රණතුංග (තත්. 42.368)
3 ලිනූෂ පෙරේරා (විනාඩි 1:25.843)

■    ‘එස්-එල්-ඒ’ කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා (මිනි 7) මෝටර් රථ
1 නිමල් සිල්වා (තත්. 41.784)
2 ඩබ්ලිව්.එම්.ජී. තිසේරා (තත්. 42.339)
3 කේ. පරමේෂ්වරන් (තත්. 42.633)

■    ‘එස්-එල්-එච්’ කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ
1 කුෂාන් පීරිස් (තත්. 36.150)
2 ධම්මික පීරිස් (තත්. 42.508)
3 ප්‍රසන්න ද අල්විස් (තත්. 51.971)

■    ‘එස්-එල්-ජී-ටී’ කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ
1 දිනේෂ් ජයවර්ධන (තත්. 33.745)
2 අශාන් සිල්වා (තත්. 34.860)
3 ඩරින් වීරසිංහ (තත්. 35.030)

■    ‘එස්-එල්-එන්’ කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ
1 දිලුප පල්ලියගුරු (තත්. 41.731)
2 මෙමින්ද ආරච්චි (තත්. 42.712)
3 ඩිලංක විජේසූරිය (තත්. 42.810)

■    ‘එස්-එල්-එන්’ කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 මනුර වන්නිආරච්චි (තත්. 41.370)
2 නවීන් මාධව (තත්. 41.421)
3 කෝලිත එදිරිසිංහ (තත්. 43.021)

■    ‘එස්-එල්-ඊ’ කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මෝටර් රථ
1 චානක රත්නායක (තත්. 40.028)
2 නීල් වීරසිංහ (තත්. 40.848)
3 තිරාන් පෙරේරා (තත්. 41.912)

■    ‘එස්-එල්-ඊ’ කාණ්ඩයේ (සි. ධා. 1350 දක්වා) නවීකරණය කළ මෝටර් රථ
1 රජිත උළුවිට (තත්. 39.345)
2 ජගත් මුණසිංහ (තත්. 42.200)
3 ප්‍රසන්න ද අල්විස් (තත්. 50.57)

■    ‘ඩී’ කාණ්ඩයේ (සි. ධා. 2000 දක්වා) ඩීසල් මෝටර් රථ
1 ප්‍රසන්න ද අල්විස් (තත්. 44.393)
2 උදාර පල්ලියගුරු (තත්. 46.770)
3 දිලූප පල්ලියගුරු (තත්. 47.353)

තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වූ ඩිලාන් සෙනෙවිරත්න, සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සභාපති අෂ්හර් හමීම් මහතා අතින් කුසලාන ලබාගත් අයුරු...

 


අදහස් (0)

ඩිලාන්ගෙන් නව වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.