පන්දුව පළුඳු කිරීමේ වරදට හසුවීම සම්බන්ධව අදහස් දැක්වූ දකුණු අප්‍රිකානු නායක ඒ.බී. ඩිවිලියර්ස් තම කණ්ඩායම කිසිම වැරැද්දක් නොකළ බව ස්ථීර ලෙසම පවසා සිටියේය. සෙනසුරාදා (27 වැනිද) පැවැති තරගය පරාජයවිමත් සමගින් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත තරගාවලියද 2-0 ක් ලෙස පරාජය වන්නට දකුණු අප්‍රිකානුවන්ට සිදුවිය.
එංගලන්ත ඉනිමේ 33 වැනි ඕවරයේදී පන්දුව මාරුකිරීමට ඩිවිලියර්ස් උත්සහ ගත්තේය. ඩිවිලියර්ස් ස්ථීර ලෙසම පවසා සිටියේ විනිසුරුවරුන්වන ක්‍රිස් ගැෆනී සහ රොබ් බේලී දෙදෙනාට තමන්ගේ කණ්ඩායම වරදක් නොකළ බව ඒත්තු ගැන්වීය.
පසුගිය නොවැම්බර් මාසයේදී හෝබාර්ට්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ජයගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසී කෙළ යොදාගනිමින් පන්දුව ඔපදැමිමට යාමේදී පන්දුව පළුදු කිරීමට උත්සහ දැරීයයි එලල කළ චෝදනාවට උරණවීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සභාවෙන් ඔහුට දඩ මුදල් නියම කරන ලදි.
නැවත වතාවක් තම කණ්ඩායමට අනුතුරකට මුහුණදීමට සිදුවන බව ඩිවිලියර්ස්ට හැඟී ගියද ඔහු පැවසුවේ විනිසුරුවරුන් විසින් පන්දුව මාරු නොකළ හෙයින් දකුණු අප්‍රිකානුවන්ගේ අහිංසකකම ඔප්පු කිරීමට අවශ්‍ය නොවන බවයි.
එහෙම දෙයක් කළනම් වගකීම ගන්නවාද යැයි තරගය අවසානයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඩිවිලියර්ස් විනිසුරුවරුන් පන්දුව මාරු කළා නම් කණ්ඩායමක් හැටියට තමන්ට වගකීම බාරගැනීමට සිදුවන බව පැවසීය.
තවදුරටත් පැවසු ඩිවිලියර්ස් එම තත්වය යටතේ විනිසුරුවරුන් පන්දු මාරු කළේනම් කණ්ඩායමක් විදියට අපට වගකීමක් ගන්න තිබ්බා.
“මේ සම්බන්ධව මගේ ගොඩක් හිත රිදුනා. ඒත් දැන් ඒක ඉවරයි. කිසි ප්‍රශ්නයක් නෑ” යයිද ඩිවිලියර්ස් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.