Last Update  :  2026-01-10 19:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටාවි සමරවීර ලෝක ශ්‍රේණිගතකිරීම්හි අංක 1 ට

ටාවි සමරවීර ලෝක ශ්‍රේණිගතකිරීම්හි අංක 1 ට

editorial - 2026 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

නවතම ලෝක මේසපන්දු ශ්‍රේණිගතකිරීම් වලට අනුව අවුරුදු 11 න් පහළ වයස් කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ටාවි සමරවීර සමත්ව ඇත. තවමත් 10 හැවිරිදි ටාවි , ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ 5 වැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. 

ගෙවී ගිය වසර තුළ ජාත්‍යන්තර යොවුන් මේසපන්දු තරගාවලි 14 කට සහභාගි වී ඇති ඔහු එහිදී රන් පදක්කමක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගන්මින් ශ්‍රේණිගත ලකුණු 200 කට හිමිකම් කියයි. සෙසු තරගාවලි 4 න් 2 කදීද ඔහු අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීමට සමත්ව තිබේ. 

එදා මෙදා තුර මෙරට මේසපන්දු ඉතිහාසය තුළ ඕනෑම වයස් කාණ්ඩයක ක්‍රීඩකයකු ලබාගත් ඉහළම ලෝක ශ්‍රේණිගත ස්ථානය මෙය වන අතර මෙයට අමතරව ටාවි, ලෝක ශ්‍රේණිගතකිරීම්හි අවුරුදු 13 න් පහළ වයස් කාණ්ඩයේ 11 වැනි ස්ථානයටද හිමිකම් කියයි. 

චෙක් ජනරජයේදී, ජර්මනියේදී, ස්ලෝවැකියාවේදී සහ වෙනිසියුලාවේදී පැවැති ජාත්‍යන්තර යොවුන් මේසපන්දු තරගාවලින්හිදී ලෝඩක පදක්කම් දිනාගෙන ඇති ටාවි, රිදී පදක්කම් දිනාගෙන ඇත්තේ පිලිපීනයේදී, කොසොවෝ රාජ්‍යයේදී, නොර්වේ රාජ්‍යයේදී, ඉන්දියාවේදී සහ ස්වීඩනයේදී පැවැති ජාත්‍යන්තර යොවුන් මේසපන්දු තරගාවලින්හිදීය. 

ඉකුත් දෙසැම්බර් මස ඉතාලියේ ලිග්නානෝ නුවරදී පැවැති ජාත්‍යන්තර යොවුන් මේසපන්දු තරගාවලියේදී සිය පළමු ජාත්‍යන්තර රන් පදක්කම දිනාගැනීමට ඔහු සමත් විය. එහි පළමු සහ දෙවැනි වටවලදී ඉතාලි ක්‍රීඩකයන් පරාජය කළ ටාවි, අවසන් පූර්ව වටයේදී පෝලන්ත ක්‍රීඩකයකු සහ අවසන් මහ තරගයේදී මැලේසියානු ක්‍රීඩකයකු පරාජය කරමින් රන් පදක්කමට හිමිකම් කීවේය. 


අදහස් (0)

ටාවි සමරවීර ලෝක ශ්‍රේණිගතකිරීම්හි අංක 1 ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.