
(කටුනායක ටී.කේ.ජී.කපිල )
ඉතාලියේ පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියට සහභාගී වූ ටාවි සමරවීර එහි රන් පදක්කම දිනා ගැනීමෙන් පසුව අද (16 වැනිදා) යළි මව්බිමට පැමිණියේය. ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ මෙතෙක් ඉහළම ජයග්‍රහණය ලෙසින් මෙම ජයග්‍රහණය සැලකේ.
මීට අමතරව ස්ලෝවෙකියාවේ සෙනෙක් නුවර සහ හංගේරියාවේ සොම්බත්ලේ නුවර පැවති මේස පන්දු තරගාවලි දෙකේ දී ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ලෝක ශූර පෝලන්ත ජාතික ක්‍රීඩකයා පරාජයට පත් කිරීමත් සමග ටාවි සමරවීර ලෝක ශ්‍රේණිගත කිරීම් වල තුන් වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වී තිබේ .
ටාවිගේ පියා හසිත සමරවීර මෙන්ම ඔහුගේ මව ද මේස පන්දු පුහුණුකරුවෝ වෙති.
මෙම 2025 වසර තුළ ටාවි සමරවීර මේ වනවිට රන් පදක්කමක් , රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් වශයෙන් ලෝක මට්ටමේ තරගාවලි වලදී පදක්කම් 10 ක් දිනා ගැනීමට සමත් වී සිටින්නෙකි .
ටාවි සමරවීර තවමත් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු වන අතර ඔහු පිළිගැනීමට පාසැල් මිතුරන් රැසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.