සිය වාර්තාගත සත්වැනි ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළටත්, පිට පිට තුන්වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළටත් හිමිකම් කියමින් ස්පාඤ්ඤයෛ් රෆායිල් නඩාල් ලකුණු 6-3ක්, 6-2ක් සහ 6-3ක් ලෙස පරාජය කළ සර්බියාවේ නොවැක් ජොකොවික් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගැනීමට අද සමත්විය.
පන්දුව පිරිනැමීමේදී අත්වැරදීම් ලෙහෙසියෙන් නොකරන මේ සර්බියානුවා සිය ජනප්‍රියතම ප්‍රතිවාදියා හමුවේ ලැබුවේ ප්‍රධාන මට්ටමේ තරගාවලියක ඔහුගේ විශාලතම ජයග්‍රහණයයි. ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන පසුවන 32 හැවිරිදි නඩාල් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන සර්බියානුවා හමුවේ අකාමකා දැැමිය නොහැකි දුර්වලතා 28ක්ම පෙන්නුම් කළේය. පැය දෙකකුත්, මිනිත්තු 4කින් තරගය නිමා කළ 31 හැවිරිදි ජොකොවික් අද ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ සත්වැනි වතාවටත් දිනාගනිමින් ඊට පෙර මේ කිරුළ 6 වතාවක් දිනාසිටි රෝයි එමර්සන්ගේ සහ රොජර් ෆෙඩරර්ගේ වාර්තා පසු කිරීමටත් සමත්විය.
මෙල්බර්න් නුවර රොඞ් ලේවර් අරිනා පිටිය වර්ණවත් කරමිින් සිය දස්කම් පෙන්නුම් කළ ජොකොවික් ජයග්‍රහණයෙන් පසුව දැත් මිට මොලවා හිස් අහසට පහර එල්ල කරමින් ජයග්‍රහණය සැමරුවේය.
මීට පෙර විම්බල්ඩන් සහ අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතා දිනාගත් හෙතෙම අද ජයගත්තේ ඔහුගේ අඛණ්ඩ තුන්වැනි ග්‍රැන්ඞ් ස්ලෑම් කුසලානයයි. එය ඔහු විසින් දිනාගන්නා ලද 15 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළ ද වෙයි. ඒ අනුව අමෙරිකාවේ පීට් සම්ප්‍රාස් දිනා සිටි ග්‍රැන්ඞ් ස්ලෑම් කිරුළු 14 පසුකළ ජොකොවික් වැඩිම ග්‍රැන්ඞ් ස්ලෑම් ටෙනිස් කුසලාන දිනාගත් ලැයිස්තුවේ තුන්වැනි තැන තනිකරම අයිතිකර ගත්තේය. ඊට පෙර ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ග්‍රෑන්ඞ් ස්ලෑම් කුසලාන 20ක් ද, නඩාල් ග්‍රැන්ඞ් ස්ලෑම් කුසලාන 17ක් ද දිනාගනිමින් පිළිවෙළින් පළමු හා දෙවැනි තැන පසුවෙති.
මීට පෙර නඩාල් සමග අවස්ථා 16කදී මුහුණට මුහුණ තරග වැදුණු ජොකොවික් අද තරගයත් සමග ඉන් අවස්ථා 13ක්ම සාර්ථක කරගැනීමට සමත්ව සිටී. 2013 වසරේ අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියෙන් පසුව මේ දක්වා ඔහු පරාජය කිරීමට නඩාල්ට හැකිවී නැත.
(සැකසුම - මොහාන් ප්‍රනාන්දු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.