
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිව්දින ක්‍රිකට් තරගාවලිය අද (18 වැනිදා) ආරම්භ විය. ගාල්ල, දඹුල්ල, යාපනය, මහනුවර සහ කොළඹ යන කණ්ඩායම් සහභාගිවන මෙම තරගාවලිය අප්‍රේල් මස 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලියේදී පැතුම් නිස්සංක මහනුවර කණ්ඩායමේත්, කමිඳු මෙන්ඩිස් දඹුල්ල කණ්ඩායමේත්, ධනංජය ද සිල්වා යාපනය කණ්ඩායමේත්, කුසල් මෙන්ඩිස් කොළඹ කණ්ඩායමේත්, රමේෂ් මෙන්ඩිස් ගාල්ල කණ්ඩායමේත් නායකයෝ ලෙස කටයුතු කරති.
තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ, කොළඹ එස්.එස්.සී., කොළඹ ආර්. ප්‍රේමදාස සහ පල්ලේකැලේ යන ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම්වලට එරෙහිව තරග 2 කට බැගින් ක්‍රීඩා කරනු ඇත.
මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 2 ට පත්වන කණ්ඩායම් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන අතර අවසන් මහ තරගය අප්‍රේල් මස 30 වැනිදා සිට මැයි මස 3 වැනිදා දක්වා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම සතියේ සිට පෙබරවාරි මස තෙවැනි සතිය දක්වා නොකඩවා තරග පැවැත්වෙන අතර ඉන් අනතුරුව ඇෆ්ඝනිස්තාන තරගාවලිය වෙනුවෙන් මෙම තරගාවලිය තාවකාලිව නතර කරනු ඇත. මාර්තු මස දෙවැනි සතියේ සිට යළිත් තරග පැවැත්වෙන අතර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් මස දෙවැනි සහ තෙවැනි සතිවලදී තරග නොපැවැත්වෙනු ඇත.
මහනුවර කණ්ඩායම
පැතුම් නිස්සංක - නායක, සහන් ආරච්චිගේ - උප නායක, ලහිරු උදාර, අහන් වික්‍රමසිංහ, කමිල් මිෂාර, කවීන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, චාමික ගුණසේකර, ලහිරු කුමාර, අෂීන් ඩැනියෙල්, ලසිත් ඇඹුල්දෙණිය, නිපුන් රංසික (එන්.සී.සී.) සිතුම් දිසානායක, නිම්සර අත්තරගල්ල, සිතාර ගිම්හාන, පවන්ත වීරසිංහ, රවිඳු රත්නායක, සකුණ ලියනගේ, රොෂාන් ජයතිස්ස, වනුජ සහන් (ඒස් කැපිටල්), කසුන් අධිකාරි, ලසිත් ලක්ෂාන්, නිපුන් ප්‍රේමරත්න, රවීන් යසස් (හලාවත මේරියන්ස්) සහ සහන් කෝසල (මහනුවර රේගු)
දඹුල්ල කණ්ඩායම
කමිඳු මෙන්ඩිස් - නායක, මිනෝද් භානුක - උප නායක, ලසිත් කෲස්පුල්ලේ, සොනාල් දිනූෂ, පවන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, චමිඳු විජේසිංහ, ලක්ෂාන් සඳකැන් (සී.සී.සී.), අනුක් ප්‍රනාන්දු, රනේෂ් සිල්වා, ලියෝ ෆ්‍රැන්සිස්කෝ, රිසිර වීරසූරිය, ලක්ෂාන් ගමගේ, දුෂාන් හේමන්ත, මොහොමඩ් ශිරාස්, දුවිඳු තිලකරත්න (බී.ආර්.සී.), අකිල ධනංජය (කෝල්ට්ස්), දිහාර පොල්ගම්පොල, සනෝජ් දර්ශික, නවීන් ප්‍රනාන්දු (කුරුණෑගල), රාහුල් ගුණසේකර, චලන ද සිල්වා, රනිත ලියනආරච්චි, ඩිල්ෂාන් අබේසිංහ සහ කෙවින් පෙරේරා (නුගේගොඩ)
ගාල්ල කණ්ඩායම
රමේෂ් මෙන්ඩිස් - නායක, මිලාන් රත්නායක, ප්‍රවීන් ජයවික්‍රම, තිලංග උදේෂාන්, තීසාන් විතුෂාන් (මුවර්ස්), දුනිත් වෙල්ලාලගේ - උප නායක, සංගීත් කුරේ, ඇන්ජලෝ මැතිව්ස්, කවිෂ්ක අංජුල, ධනංජය ලක්ෂාන්, ඩිල්ෂාන් මධුෂංක, උදිත මධුෂාන්, විශාද් රන්දික (කෝල්ට්ස්), ලක්ෂාන් එදිරිසිංහ, දිනේෂ් චන්දිමාල්, අසංක මනෝජ්, සුමින්ද ලක්ෂාන්, කෞමාල් නානායක්කාර, ෂෙහාන් ප්‍රනාන්දු (යුද හමුදාව), ඕෂද ප්‍රනාන්දු (ගාල්ල), ජනිෂ්ක පෙරේරා, සොහාන් ද ලිවේරා, පසිඳු සූරියබණ්ඩාර, මොහොමඩ් ෂමාස්, ලහිරු සමරකෝන් සහ නිමේෂ් විමුක්ති (පානදුර)
යාපනය කණ්ඩායම
ධනංජය ද සිල්වා - නායක, සධීර සමරවික්‍රම - උප නායක, නවෝද් පරණවිතාන, රොන් චන්ද්‍රගුප්ත,ලසිත් අබේරත්න, රවිඳු ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්, ශිරාන් ප්‍රනාන්දු, දිලුම් සුධීර, කමේෂ් නිර්මාල්, කවිඳු පතිරත්න (ද්‍රවිඩ සංගම්), හසිත බෝයගොඩ, නිපුන් කරුණානායක, ලහිරු මධුෂක, ජෙෆ්රි වැන්ඩර්සේ, මනෙල්ක ද සිල්වා, සහන් නානායක්කාර (බ්ලූම්ෆීල්ඩ්), නිෂාන් මධුෂ්ක, අවිෂ්ක තරිඳු, සමින්ද ප්‍රනාන්දු, සන්තුෂ් ගුණතිලක, ජනිත් ලියනගේ, ඒෂාන් මාලිංග, නිපුන් මාලිංග, ශෂික දුල්ෂාන් සහ කල්හාර සේනාරත්න (රාගම)
කොළඹ කණ්ඩායම
කුසල් මෙන්ඩිස් - නායක, චරිත් අසලංක - උප නායක, නිපුන් ධනංජය, අවිෂ්ක ප්‍රනාන්දු, ෂෙවෝන් ඩැනියෙල්, දිමුත් කරුණාරත්න, නුවනිදු ප්‍රනාන්දු, දසුන් ශානක, ලක්ෂිත මානසිංහ, කසුන් රාජිත, නිසල තාරක, කලණ පෙරේරා, ප්‍රභාත් ජයසූරිය, ක්‍රිෂාන් සංජුල, චමිඳු වික්‍රමසිංහ (එස්.එස්.සී.), පැතුම් කුමාර (යුද හමුදාව), නිෂාන් පීරිස්, ඉමාෂ ලියනගේ (මීගමුව), හේෂාන් ධනුෂ්ක, කුසල් ජනිත්, අෂේන් බණ්ඩාර, පියුමාල් පෙරේරා, නලින් ප්‍රියදර්ශන, මලින්ද පුෂ්පකුමාර (පොලිසිය), ඉසිත විජේසුන්දර සහ චාමිකර එදිරිසිංහ (සෙබස්තියනයිට්ස්)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.