Last Update  :  2024-04-27 18:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික සුපිරි ලීග එක්දින ශූරතාව දඹුල්ලට
ජාතික සුපිරි ලීගය

ජාතික සුපිරි ලීග එක්දින ශූරතාව දඹුල්ලට

editorial - 2024 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දඹුල්ල කණ්ඩායම ඊයේ (10 වැනිදා) සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 19 ක ජයක් වාර්තා කරමින් දඹුල්ල ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 333 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට ඕවර 45.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 313 ක් පමණි. අයණ සිරිවර්ධන ලකුණු 58 කට කඩුලු 3 ක්ද, දුෂාන් හේමන්ත ලකුණු 63 කට කඩුලු 3 ක්ද, බිඳහෙළමින් මහනුවර කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.
 
ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ කමිල් මිෂාර පන්දු 95 කදී හතරේ පහර 12 ක් සමග ලකුණු 94 ක් ලබා සිටියදී දුෂාන් හේමන්තගේ පන්දුවක් හමුවේ මිනෝද් භානුකගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ශතකය පෙනි පෙනී දැවී ගියේය. වේගයෙන් ලකුණු රැස්කළ ළහිරු උදාර පන්දු 50 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 86 ක් රැස්කළේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 332 ක් රැස්කළ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ පවන් රත්නායක පන්දු 108 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 118 ක් රැස්කිරීමට සමත් විය. 

සනෝජ් දර්ෂික (73) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 160 කදී ලකුණු 160 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පවන් සමත් වූ අතර පන්දු 73 කදී වාර්තා වූ සනෝජ්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. නායක මිනෝද් භානුක පන්දු 62 කින් ලකුණු 69 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගනි. 

භානුක සහ ලසිත් කෲස්පුල්ලේ (36) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 94 කදී ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩගමින් දඹුල්ල කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. කෙසේ වුවත් මුලු ලකුණු සංඛ්‍යාව 109 ක් වන විට ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට පුලින තරංග සමත් විය. 


දඹුල්ල පිල - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 332 
(මිනෝද් භානුක 69, ලසිත් කෲස්පුල්ලේ 36, සනෝජ් දර්ෂික 73, පවන් රත්නායක නොදැවී 118, අයන සිරිවර්ධන 21, පුලින තරංග 68/2) 

මහනුවර පිල - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 313  
(ළහිරු උදාර 86, කමිල් මිෂාර 94, තික්ෂිල ද සිල්වා 19, වනුජ සහන් නොදැවී 44, නිම්සර අතරගල්ල 15, අයන සිරිවර්ධන 58/3, දුෂාන් හේමන්ත 63/3, මොහොමඞ් ශිරාස් 42/2) 

අයන සිරිවර්ධන සහ දුෂාන් හේමන්ත...

 

කමිල් මිෂාර (දකුණේ)

 

ළහිරු උදාර ...

 

සනෝජ් දර්ෂික...


අදහස් (0)

ජාතික සුපිරි ලීග එක්දින ශූරතාව දඹුල්ලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.