Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජනාධිපති කුසලාන බස්නාහිර පළාතට

ජනාධිපති කුසලාන බස්නාහිර පළාතට

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

හතළිස් වැනි (40) ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවට පිදෙන ‘ජනාධිපති’ අභියෝගතා කුසලානය මෙවරත් වැඩිම රන් පදක්කම් දිනාගත් බස්නාහිර පළාතට හිමි විය.

දින තුනක් පුරා අනුරාධපුරය රජරට නව ක‍්‍රීඩාංගණයේදි පැවති 40 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලිය අද (27) නිමාවට පත්වීමත් සමඟ බස්නාහිර පළාතේ ජයග‍්‍රහණය තහවුරු විය.

මෙවර මලල ක‍්‍රීඩා තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස උස පැනීම (පිරිමි) ඉසව්වේ රන් පදක්කම මීටර 2.15 කට දිනාගත් මංජුල කුමාර විජේසේකරටද, දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස මීටර 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම තත්ත්පර 55.80 කට දිනාගත් වයඹ පළාතේ චන්ද්‍රිකා සුභාෂිණී රස්නායකටද හිමි වූහ.

මෙවරත් ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරග තණකොළ සහිත ධාවන පථයක පැවැති බැවින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දස්කම් අවම මට්ටමක පැවති අතර එහිදී වාර්තා වූයේ එකම නව වාර්තාවක් පමණක් වීමෙන් එය පැහැදිලි වේ. එහෙත් එය නව ශ්‍රී ලංකා වාර්තාවක් වීම (මිටිය විසි කිරීම - කාන්තා) කැපී පෙණුනි.

මේ අතර ගියවර දස්කම් හා සැසදීමේදී දකුණු පළාත එක රන් පදක්කමක වෙනසකින් සිවුවැනි ස්ථානය දක්වා පහළට වැටෙද්දී ඒ තැන වයඹ පළාත මෙවර හිමි කර ගෙන සිටියි.

නැගෙනහිර පළාත අභිබවා ඌව පළාත මෙවර හත් වැනි ස්ථානයට පත්වීමද කැපීපෙනේ. ඌව පළාතේ රන් පදක්කම් ගණන මෙවර දෙකේ සිට අට දක්වා ඉහළ ගොස් තිබේ. බස්නාහිර හා මධ්‍යම යන පළාත් වලද මෙවර රන් පදක්කම් ගණන අවම වී තිබේ. සබරගමුව හා උතුරු මැද යන පළාත්ද එම ඉරණම අත්කර ගනිමින් මෙවර රන් පදක්කම් ගණන අවම කර ගෙන තිබේ.

අද පැවැති සමාප්ති උත්සවය උතුරු මැදල පළාත් මහ ඇමැති රංජිත් සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති අතර ඒ සඳහා ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සහභාගි නොවීය. සමාරම්භක උත්සවයට ප‍්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා ලබා සිටි අගමැති දි.මූ ජයරත්න මහතාද එම අවස්ථාවට සහභාගි නොවීය.

කෙසේ වූවත් උතුරු පළාතට කිිසිදු රන් පදක්කමක් හිමි නොවීමත් කැපී පෙණුනු අතර එහිදී ගියවර තරගාවලියේදීත් ඔවුහු රන් පදක්කම් දිනා ගැනීමට අපොහොසත් වූහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඡායාරූප - ක්‍රිෂාන් ශෂික රණසිංහ

අද (27) දිනයේ මලල ක‍්‍රීඩා නව තරග වාර්තා.

 

මීටර 400 (පිරිමි)

  1. ඒ.එම්. ගුණරත්න (මධ්‍යම - තත්පර 49.63)
  2. ආර්.ජී.ඞී.එන්. කරුණාරත්න (සබරගමුව 49.71)
  3. කේ.කේ.කේ. සෙනවිරත්න (උතුරුමැද 50.21)


මීටර 110 කඩුලූ

  1.  කේ.පී.එච්. නිර්මාල් (බස්නාහිර - තත්පර 14.95)
  2.  ඩබ්.කේ.එම්.යූ කුමාර (සබරගමුව - 15.18)
  3. කේ.ඒ. කුරුප්පු (බස්නාහිර 15.29)


මීටර 1500 (පිරිමි)

  1. ජී.ටී.ඒ. අබේරත්න (දකුණ - විනාඩි 4 තත්පර 32.93)
  2. ඩබ්.පී.ආර්. දුලක්‍ෂි (දකුණ - 4.35.19)
  3. යු.කේ.එන්. රත්නායක (දකුණ - 4.36.71)


මීටර 100 (කාන්තා)

  1. එන්.සී.ඞී. ප‍්‍රියදර්ශනි (බස්නාහිර - තත්පර 12.29)
  2. එස්.එල්. විදානදුරගේ (ඌව - 12.53)
  3. එම්.ඒ.එස්.එස්. ජයතිලක (බස්නාහිර - 12.62)


මීටර 400 (කාන්තා)

  1. ආර්.එම්.සී.එස්. රස්නායක (වයඹ -  තත්පර 55.80)
  2. ඩබ්.කේ.එල්. නිර්මාල් (දකුණ - 56.80)
  3. එස්.ඞී.ජී.පී. කුමාරි (වයඹ 58.43)


හෙල්ල විසිකිරීම (කාන්තා)

  1. නදීකා ලක්මාලි (දකුණ - මීටර 55.10)
  2. ඈන් මහේෂි ද සිල්වා (බස්නාහිර - 45.51)
  3. ඩබ්.එල්.එච්.ඞී. ලේකම්ගේ (සබරගමුව - 44.49)


මීටර 1500 (කාන්තා)

  1. කේ.පී.කේ. මෙන්ඩිස් (ඌව - විනාඩි 3 තත්පර 58.81)
  2. එස්.යූ. ලංකා (ඌව - 3.59.87)
  3. එන්.කේ.එන් කුමාර (මධ්‍යම - 4.00.51)


මීටර 100 (කඩුලූ)

  1. ආර්.ඒ.අයි.එස් රාජසිංහ (වයඹ - තත්පර 15.32)
  2. එල්.ඞී.එන්.ජී. ජයතිලක (සබරගමුව - 15.55)
  3. බී.එස්. දුලක්‍ෂි (බස්නාහිර - 15.61)


මීටර 400X4 (කාන්තා)

  1. දකුණු පළාත් කණ්ඩායම (විනාඩි 3 තත්පර 51.81)
  2. වයඹ පළාත් කණ්ඩායම (3.59.15)
  3. බස්නාහිර පළාත් කණ්ඩායම (4.01.88)


මීටර 100 (පිරිමි)

  1. සුරංජය සිල්වා (දකුණ - තත්පර 10.83)
  2. ආර්.ඞී.එන්.එස්. සුරේන්ද්‍ර (බස්නාහිර - 10.95)
  3. ඒ. එල්. එම්. අෂ්රෆ් (නැගෙනහිර - 11.02)


උස පැනීම (කාන්තා)

  1. ආර්.කේ.ඒ.පී. මධුවන්ති (වයඹ - මීටර 1.76)
  2. එල්.ජී.ඒ. තරංගා (දකුණ - 1.71)
  3. එච්.එම්.එන්. මධුෂානි (උතුරු මැද - මීටර 1.69) 

 


අදහස් (0)

ජනාධිපති කුසලාන බස්නාහිර පළාතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.