Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා මවුන්ටන් පාපැදි සංගමය සංවිධානය කළ ‘චලෙයි චැලෙන්ජ්’ අභියෝග කුසලාන මවුන්ටන් පාපැදි තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා දෙකම ඉරානය විසින් දිනාගන්නා ලදි. ඉරානය, සිංගප්පුරුව, ඉන්දියාව සහ නේපාලය, අයර්ලන්ත යන රටවල පාපැදි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දස්කම් හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කිසිවකුට පළමු තරගකරුවන් තිදෙනා අතරට ඒමට නොහැකි විය.
නාවික හමුදාවේ ගයාන් සංජීව සහ සරත් කුමාර පිළිවෙළින් හත්වැනි සහ අටවැනි ස්ථාන ලැබුහ.
යාපනය දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ නිරමලේෂ්වරන් විෂනා කාන්තා ඉසව්වේදී පස්වැනි ස්ථාන ලැබුවාය.
ඉරානයේ නසර් පුවර්හසීමි පැය 2. විනාඩි 46.10 ක කාලයකින් තරගය නිම කර පිරිමි තරගය ජය ලැබීය. ඉරානයේම ක‍්‍රීඩිකා රෙහෙනානෙ කාතොනි (පැය 3. විනාඩි 29.01) කාන්තා තරගය ජය ගත්තාය. තරගය මුලිතිව් නගරයෙන් ආරම්භ වු අතර තරගකරුවෝ කිලෝමීටර 75 ක දුරක් දුෂ්කර මාර්ගයක පාපැදි ධාවනයේ නිරත වුහ.
තරගය අවසන් වූයේ පේදුරුතුඩුවෙනි. විදෙස් තරගකරුවන් ඇතුළුව තරගකරුවෝ 64 දෙනෙක් තරගයට සහභාගි වුහ.
ශූරයාට සහ ශූරියට ක‍්‍රීඩකයාට ඩොලර් 500 ක මුදල් ත්‍යාගයක් සමගින් සිංගප්පුරුවට යාමට සහ ඒමට ගුවන් ප‍්‍රවේශපත‍්‍ර, කුසලාන, පදක්කම් සහ සහතිකපත්ද පිරිනැමිණ.
‘වීල් ෆෝ වීල්ස්’ ළමා සුභසාධන වැඩසටහනේ රෝද පුටු පරිත්‍යාග කිරීමේ කටයුත්තට අරමුදල් එක් රැස් කරගැනීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදි.
තරග ප‍්‍රතිඵල:
පිරිමි තරගය
1.නසර් පුවර්හසිමි (ඉරානය, පැ.2.46.10), 2.බබාක් අලිසාද් (ඉරානය, පැ.2.46.41), 3.ජුනයිදි බින්හසීම් (සිංගප්පුරුව, පැ.2.47.05), 4.කිරන් කුමාර් රාජු (ඉන්දියාව, පැ.2.50.31), 5.ටී.අයමන් (නේපාලය, පැ.2.51.38), 6.වෙන්කටේස්වර්ලූ රෙඩි (ඉන්දියාව, පැ.2.51.38), 7.ගයාන් සංජීව (නාවික හමුදාව, පැ.2.55.15), 8. සරත් කුමාර (නාවික හමුදාව, පැ.2.58.17), 9. ඉවන් ටෙන් චින් සෙන් (සිංගප්පුරුව, පැ.3.02.02), 10. අමල් සුරංග (ගුවන් හමුදාව, පැ.3.04.17)
කාන්තා තරගය
1. රෙහෙනානෙ කාතොනි (ඉරානය, පැ. 3. 29.01), 2.පරාස්තු බස්තිදේරගානි (ඉරානය, පැ.3.30.40), 3.බන්දරී පුෂ්පාකුමාරි (නේපාලය, පැ.3.30.43), 4.මවුරීන් ඉන්ඞ්ර්බි (අයර්ලන්තය, පැ.3.34.59), 5. නිරමලේෂ්වරන් වි¥ෂනා (යාපනය, පැ.4.15.57)
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.