ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස දිල්ලි කැපිටල් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර දිල්ලිහිදී අද (26 වැනිදා) පැවැති තරගය කඩුලු 6 කින් ජයගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 19.4 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.
ෂේන් වොට්සන් වේගවත් ආරම්භයක් ලබාගනිමින් පන්දු 26 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 44 ක් රැස්කළ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් සුරේෂ් රයිනා පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 30 ක් රැස්කළේය. ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 24 කදී ලකුණු 52 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
මහේන්ද්‍ර සිං දෝනී නොදැවී ලකුණු 32 ක් රැස්කරමින් චෙන්නායි සුපර් කිංග්ස් පිල ජයග්‍රහණය කරා රැගෙනා යාමට සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 147 ක් පමණි.
අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ශීකර් ධවාන් පන්දු 47 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළේය.
ඞ්වයින් බ්රාවෝ ඕවර 4 ක් යවමින් ලකුණු 33 කට දිල්ලි කැපිටල් පිලේ පිතිකරුවන් තිදෙනෙකු පිටියෙන් ඉවත් කිරීමට සමත්විය.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වෙනස්කමක් සිදුකර නොමැති අතර දිල්ලි කැපිටල් කණ්ඩායමේ වෙනස්කමක් සිදුකරමින් ටේරන්ට් බෝල්ට් වෙනුවට අමිත් මිෂ්රා කණ්ඩායමට කැඳවීය.
දිල්ලි කැපිටල් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 147
(ප්‍රිත්වි ෂෝ 24, ශීකර් ධවාන් 51, රිෂාබ් පාන්ට් 25, ඞ්වයින් බ්රාවෝ 33/3)
චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 19.4 කදී කඩුලු 4 ක් දැවී 150
(ෂේන් වොට්සන් 44, සුරේෂ් රයිනා 30, කේදර් ජාදව් 27, මහේන්ද්‍ර සිං දෝනී නොදැවී 32, අමිත් මිෂ්රා 35/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.