Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චීනයට එරෙහිව ශ්‍රී ලංකාව සමාරම්භක තරගයේ
ආසියානු සත් සාමාජික රග්බි

චීනයට එරෙහිව ශ්‍රී ලංකාව සමාරම්භක තරගයේ

editorial - 2022 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රනිල් ප්‍රේමතිලක ඩුබායි නුවර අල් අයින්හි සිට..)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර අල් අයින් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අදියරට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා වේලාවෙන් අද (25 වැනිදා) පෙරවරු 11.30 ට චීනයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. එය මෙවර තරගාවලියේ සමාරම්භක තරගයද වේ.

‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියේ තෙවැනි අදියරට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම, මූලික වටයේදී මැලේසියාවට සහ හොං කොං රාජ්‍යයට එරෙහිවද තරග වැදීමට නියමිත අතර එම තරග දෙක පිළිවෙලින් පස්වරු 2.50 ට සහ 6.35 ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියේ පළමු අදියර දෙකම ජයගනු ලැබුවේ හොං කොං කණ්ඩායම විසිනි.

ඊයේ (25 වැනිදා) අළුයම එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ලඟා වූ ශ්‍රී ලංකා කණ්ඩායමට උදෑසන පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු සැසිය අත්හැර දැමීමට සිදුවූ නමුත් පස්වරුවේ පැවැති පුහුණු සැසිය සාර්ථක ලෙස පැවැත්වීමට හැකි විය.

තෙවැනි අදියර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර කියා සිටියේ දකුණු කොරියාවේ පැවැති දෙවැනි අදියරේදී සිදුවූ වැරදි, අඩුපාඩු නිවැරදි කරගනිමින් මෙම අදියරට සහභාගි වීම සඳහා තම කණ්ඩායම යහපත් ශාරීරික මෙන්ම මානසික මට්ටමක පසුවන බවය.

සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය, දකුණු කොරියාව, පිලිපීනය සහ ජපානය සමග ‘බී’ කාණ්ඩයෙන් තරගාවලියට එක්ව සිටියි. කාණ්ඩ දෙකේම පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් හෙට දිනයේදී (27 වැනිදා) කුසලාන ශූරතාව සඳහා තරගවැදීමට සුදුසුකම් ලබනු ඇත.

කාණ්ඩ දෙකේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් 4 ට කුසලාන ශූරතාවෙන් ඉවත්ව පළඟ ශූරතාව සඳහා තරග වැදීමට සිදුවනු ඇත. ඒ අනුව ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථාන දෙක අතරට එක්වෙමින් කුසලාන වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී තරග 2 ක් ජයගත යුතුය.

 


අදහස් (0)

චීනයට එරෙහිව ශ්‍රී ලංකාව සමාරම්භක තරගයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.