Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චරිත් - දුනිත් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙන යති
තෙවැනි එක්දින තරගය

චරිත් - දුනිත් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙන යති

editorial - 2022 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලා‍ලගේගේ අගනා පිතිහඹය හමුවේ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (30 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත වූ එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කිරීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 314 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී කලකට පසුව තමාගේ සුපුරුදු රිද්මයට පැමිණි චරිත් අසලංක, ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 72 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 83 ක් රැස්කළේය.

දිනේෂ් චන්දිමාල් (33) සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 48 ක්ද, නායක දසුන් ශානක (43) සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 79 ක්ද එක්කළ අසලංක, ඉන් නෙනැවතී යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ (නොදැවී 31) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 65 ක වේගවත් සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පන්දු 21 කට මුහුණදුන් වෙල්ලාලගේ හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සරසමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළේය. කුසල් මෙන්ඩිස් (67) සහ පැතුම් නිස්සංක (35) එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 108 කදී ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 61 කදී වාර්තා වූ මෙන්ඩි‍ස්ගේ අර්ධ ශතකයට ‍හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම, ආරම්භක පිතිකරු ඊබ්‍රහීම් සද්‍රාන්ගේ (162) විශිෂ්ඨ පිතිහරඹය හමුවේ ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 313 ක් ලබාගත්හ. තරමක් සෙමින් ඉනිම ඇරඹූ ඊබ්‍රහීම් පන්දු 64 කදී අර්ධ ශතකයත්, පන්දු 100 කදී ශතකයත් සම්පූර්ණ කළේය.

එක්දින තරග 8 කට පමණක් ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ලබාගත් තෙවැනි ශතකය එය විය. ශතකය ලබාගැනීමෙන් අනතුරුව ප්‍රහාරය ආරම්භ කළ ඊබ්‍රහීම්ට ඉතිරි ලකුණු 62 ලබාගැනීම සඳහා වැය වූයේ පන්දු 38 ක් පමණි. ඔහු‍ගේ විශිෂ්ඨ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 15 කින් සමන්විත විය.

මුල් කඩුලු 3 ලකුණු 57 ක් තුළ බිඳවැටීමෙන් අනතුරව නජිබුල්ලා සද්‍රාන් (77) සමග එක්වූ ඊබ්‍රහීම්, ‍සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141 කදී ලකුණු 154 ක සම්බන්ධතාවක් පවත්වමින් ඇෆ්ඝනිස්ථාන ඉනිමට නව ජවයක් එක් කළේය. පන්දු 76 කට මුහුණදුන් නජිබුල්ලා හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසුවේය.

සිය ඕවර 10 තුළදී ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 60 ක් ලබාදුන්නද, එහිදී කඩුලු 3 ක් බි‍ඳහෙළීමට සමත් වූ කසුන් රාජිත, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා බවට පත් විය. ලකුණු 67 කට කඩුලු 2 ක් දවාගත් වනිඳු හසරංග සෙසු ඇෆ්ඝනිස්ථාන පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා රාජිතට සහාය දැක්වීය.  

 

ලකුණු පුවරුව
ඇෆ්ඝනිස්ථානය
රහ්මනුල්ලා ගුර්බාස් - ප.රාජිත                         5
ඊබ්‍රහීම් සද්රාන් - ඇ.පැතුම් ප.අසිත              162
රාමට් ෂා - ඇ.මෙන්ඩිස් ප.රාජිත                    22
හෂ්මතුල්ලා ශහිදි - ක.මු. කළා ප.ධනංජය        4
නජිබුල්ලා සද්රාන් - ඇ.ශානක ප.හසරංග      77
මොහොමඩ් නබී - ඇ.පැතුම් ප.හසරංග           12
ගුල්බදීන් නයිබ් - දුවද්දී දැවී ගියා                      8
රෂිඩ් ඛාන් - ඇ.චන්දිමාල් ප.රාජිත                 13
නූර් අහමඩ් - නොදැවී                                      2
අතිරේක                                                         8
එකතුව ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී             313

පන්දුවට පහර නොදුන් පිතිකරු‍වෝ :
මුජිබුර් රහමන් සහ ෆසාල්හක් ෆකූරි

කඩුලු වැටීම :
1-06(ගුර්බාස්), 2-42(ෂා), 3-57(ශහිදි), 4-211(නජිබුල්ලා), 5-241(නබී), 6-263(නයිබ්), 7-299(රෂීඩ්), 8-313(ඊබ්‍රහීම්)


පන්දු යැවීම :
කසුන් රාජිත 10-0-60-3, මහීෂ් තීක්ෂණ 7-0-46-0, දුනිත් වෙල්ලාලගේ 4-0-25-0, අසිත ප්‍රනාන්දු 10-1-64-1, ධනංජය ද සිල්වා 8-0-42-1, වනිඳු හසරංග 10-0-67-2, දසුන් ශානක 1-0-05-0 


ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ප.රෂීඩ්                               35
කුසල් මෙන්ඩිස් - ඇ.රෂීඩ් ප.නබී                   67
දිනේෂ් චන්දිමාල් - ප.නබී                              33
ධනංජය ද සිල්වා - ප.රෂීඩ්                               5
චරිත් අසලංක - නොදැවී                                83
දසුන් ශානක - ‍ප.රෂීඩ්                                   43
වනිඳු හසරංග - ඇ.ගුර්බාස් ප.රෂීඩ්                   2
දුනිත් වෙල්ලාලගේ - නොදැවී                       31
අතිරේක                                                       15
එකතුව ඕවර 49.4 කදී කඩුලු 6 ක් දැවී          314

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු සහ කසුන් රාජිත 

කඩුලු වැටීම :
1-101(මෙන්ඩිස්), 2-107(පැතුම්), 3-116(ධනංජය), 4-164(චන්දිමාල්), 5-243(දසුන්), 6-249(හසරංග)

පන්දු යැවීම :
ෆසාල්හක් ෆරූකි 9.4-0-70-0, මුජිබුර් රහමන් 10-0-70-0, ගුල්බදීන් නයිබ් 6-0-48-0, මොහොබඩ් නබී 10-0-56-2, රෂීඩ් ඛාන් 10-0-37-4, නූර් අහමඩ් 4-0-32-0

 

 


අදහස් (0)

චරිත් - දුනිත් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙන යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.