Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්දිමාල්ට තුන්වැනි තරගයත් අහිමි වෙයි

චන්දිමාල්ට තුන්වැනි තරගයත් අහිමි වෙයි

Nisanka Sandeepani - 2018 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


එංගලන්තයට එරෙහිව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී පාදයේ ඉහළ කොටසේ (ඉකිළියේ) ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට දෙරට අතර කොළඹදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාවද අහිමි වී තිබේ. 

චන්දිමාල්ගේ ආබාධ තත්වය තවමත් පූර්ණ වශයෙන් සුව අතට හැරී නොතිබීම නිසා තවදුරටත් විවේකය ලබාදීමේ අරමුණින් තෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු කණ්ඩායමට ඇතුළත් නොකිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ. එම ආබාධය හේතුවෙන් ඔහු පල්ලේකැලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයද අහිමි විය. 

චන්දිමාල් වෙනුවට දෙවැනි ටෙස්ට් තරගය සඳහා සංචිතයට කැඳවූ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක, තෙවැනි ටෙස්ට් තරගය සඳහා නම් කර නොමැති අතර ඔහු වෙනුවට ආරම්භක පිතිකරුවකු වන ධනුෂ්ක ගුණතිලක සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

මේ වන විට ටෙස්ට් තරග 5 කට ක්‍රීඩා කර ඇති ගුණතිලක, එහිදී අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 259 ක් ලබා සිටින අතර කඩුල්ලක් දවාගැනීමටද සමත්ව සිටියි. එස්.එස්.සී ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ඔහු පළමු පෙළ තරග 48 කදී ශතක 3 සහ අර්ධ ශතක 13 ක් සමගින් ලකුණු 2356 ක් රැස්කරගෙන ඇති අතර එහිදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 62 කි. 

දෙවැනි ටෙස්ට් තරගයේදී මෙන්ම තෙවැනි ටෙස්ට් තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට හිමිව තිබේ. තෙවැනි ටෙස්ට් තරගය 23 වැනිදා සිට 27 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

-036 


අදහස් (0)

චන්දිමාල්ට තුන්වැනි තරගයත් අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.