ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් සමග දීර්ඝ සාකච්ඡවක් කළ නමුත් මේ වසර අවසානයත් සමග නිමා වන තමන්ගේ කොන්ත‍්‍රාත් කාලය අවසන් වීමෙන් පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායමෙන් සමුගැනීමට ජාතික පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් මහතා තීරණය කර තිබේ.
ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් ග‍්‍රැහැම් ෆෝඩ් මහතාගේ අවසන් වගකීම වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින සහ විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිලට ගුරුහරුකම් දීමයි.
මේ වසර අගදී තමන් පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට අදහස් කර ඇති බව ග‍්‍රැහැම් ෆෝඩ් මහතා පසුගිය සතියේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දුන්නේය.
එහෙත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඔහුට කියා සිටියේ තමන්ගේ තීරණය සම්බන්ධයෙන් තවදුරටත් සිතා බලන ලෙසයි. පසුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් සහ ග‍්‍රැහැම් ෆෝඩ් මහතා අතර දීර්ඝ සාකච්ඡවක් පැවැති නමුත් ෆෝඩ් මහතාගේ තීරණය වෙනස් වී නැත.
ඉතාමත් විශ්වාසකටයුතු ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත්තේ ලබන වසරේදී එංගලන්තයේ සරේ ප‍්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරු තනතුර බාරගැනීමට ග‍්‍රැහැම් ෆෝඩ් මහතා එකග වී සිටින බවයි. දකුණු අපි‍්‍රකානු ජාතිකයකු වන ග‍්‍රැහැම් ෆෝඩ් මහතා දකුණු අපි‍්‍රකානු පිලේ හිටපු පුහුණුකරුවකුද වන අතර සරේ ප‍්‍රාන්ත පිල නියෝජනය කරන කෙවින් පීටර්සන්ගේ අතිජාත මිත‍්‍රයෙකි.
එංගලන්ත පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන නමුත් කෙවින් පීටර්සන්ද දකුණු අපි‍්‍රකාවේ උපත ලද කී‍්‍රඩකයකු වන අතර දකුණු අපි‍්‍රකානු පිලේ හිටපු නායක ගේ‍්‍රම් ස්මිත්ද ලබන වසරේදී සරේ ප‍්‍රාන්ත පිල වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට නියමිතය.
ෆෝඩ් මහතාගේ ඉවත් වීමෙන් හිස්වන ජාතික පුහුණුකරු තනතුර සඳහා තාවකාලික පදනමක් මත, ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායකයකුද වන, වත්මන් සහාය පුහුණුකරු මාවන් අතපත්තු- මහතා පත්කිරීමට ඉඩ තිබෙන බවද තතුදත් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
කෙසේ වෙතත් ජාතික පුහුණුකරු තනතුර විදේශිකයකුට පැවරීම ප‍්‍රශ්න අඩු කරන්නක් මෙන්ම ජාතික කණ්ඩායමේ දස්කම් වඩාත් උසස් තලයක රඳවා ගැනීමට හේතුකාරක වන්නක් බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටු සාමාජිකයන්ගේ මතය වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.