Last Update  :  2025-08-25 20:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුවන් හමුදාව අවසන් වටයට පියාසර කරයි

ගුවන් හමුදාව අවසන් වටයට පියාසර කරයි

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


ආසියානු පාපන්දු සම්මේලන සභාපති කුසලාන කී‍්‍රඩා සමාජ පාපන්දු තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම අද (11 වැනිදා) සමත් විය.

අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ කලාප තරග වටය නිමාවට පත් කරමින්  අද (11) සුගතදාස කී‍්‍රඩාංගනයේ දී පැවැති තරගයෙන් ශ්‍රී ලකා ගුවන් හමුදා කී‍්‍රඩකයෝ පාකිස්තානයේ කේ. ආර්. එල්. කණ්ඩායම ගෝල 3x0කට පරාජය කරමින් එම අවස්ථාව උදාකර ගත්හ.

රටවල් හතරක පාපන්දු කී‍්‍රඩා  සමාජ අතර කොළඹ දී පැවැති මෙම පාපන්දු තරගාවලියේදී තරග දෙකක් ජය ගනිමින් හා තරගයක් ජය පරාජයයෙන් තොරව අවසන් කරමින් එහි  එකම අපරාජිත කණ්ඩායම බවට පත්වූ බංග්ලාදේශයේ ෂෙයික් රසල් කිරිරා චක‍්‍රා පිල අවසන් වටයට සුදුසුකම් ලබාගත් අනෙක් කණ්ඩායමයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම මෙම තරගාවලියේ ලද එකම පරාජය අත්කර ගත්තේ බංග්ලාදේශයේ ෂෙයික් රසල් කිරිරා චක‍්‍රා පිල හමුවේ වන අතර එය ගෝල 5-0 කිනි. කෙසේ වුවත් තරගාවලිය නිමාවට පත් කරමින් ශ්‍රී ලංකාව අද මුහුණ දුන්  අවසන් තරගය ගෝල 3-0කට ජය ගැනීමට  ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත්විය.

තරගාවලියේ අවසන් වටයට පිවිසීමට නම් අද තරගය අනිවාර්යෙන්ම ජයගත යුතුව තිබූ අතර  එම අභියෝගය පහසුවෙන් ජය ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත්වීම කැපී පෙණුනි.

 තරගාවලිය ආරම්භ කරමින් මුහුණ දුන් පළමු තරගය ගෝල 1-0 කට ජය ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත්විය.

අවසන් වටයට පිවිසි බංග්ලාදේශයේ ෂෙයික් රසල් කිරිරා චක‍්‍රා පිල අද පැවැති තරගයක දී භූතාන ”උග්යෙන්” ඇකඩමි කණ්ඩායම ගෝල 4-0 කට පරාජය කිරීමට සමත් විය. පාකිස්තානු කේ. ආර්. එල්. කණ්ඩායම හමුවේ තරගය ජයපරාජයන් තොරව (0-0) අවසන් විය.

භූතානයේ උග්යෙන් කණ්ඩායම පාකිස්තානු කේ.ආර්.එල්. කණ්ඩායම හමුවේද ගෝල 3-0ක පරාජයක් ලැබීය.

ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම පාපන්දු ලීග් තරගාවලිය ජය ගනිමින් ගුවන් හමුදාව මෙම තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය. ගුවන් හමුදා පිලේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම එහි හිටපු පුහුණුකරුවකු වන සම්පත් පෙරේරා මහතා කටයුතු කරයි.


අදහස් (1)

ගුවන් හමුදාව අවසන් වටයට පියාසර කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.