Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ශූරතාව දිනති
කාන්තා අවසන් තරගය

ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ශූරතාව දිනති

editorial - 2023 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජෙසූරිය)

 

ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව යුද හමුදා කණ්ඩායම ලකුණු 11 කින් පරාජය කළ ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ අන්තර් ක්‍රීඩා සමාජ කාන්තා (ආරාධිත) සීමිත ඕවර තරගාවලියේ ශූරතාව දිනාගත්හ. කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී අද (08 වැනිදා) පැවැති අවසන් තරගයේදී ලකුණු 155 ක ඉලක්කයක් කරා ගිය ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ මන්දාලෝකය හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 110 ක් ලබා සිටියහ. 

කාසියේ වාසිය දිනාගත් යුද හමුදා කණ්ඩායම පළමුවෙන්ම පන්දුවට පහර දීම තෝරාගත් නමුත් 9 වැනි ඕවරය නිමාවීමටත් පෙරම, ලකුණු 14 ක් ඇතුළත කඩුලු 3 ක් අහිමි කරගත්හ. යුද හමුදාවේ ප්‍රබලතම පිතිකාරිණියන් තිදෙනකු වන අනුෂ්කා සංජීවනී (9), ඉමල්කා මෙන්ඩිස් (2) සහ නෙත්මි සේනාරත්න (0) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගියෙන් යුද හමුදාව අමාරුවේ වැටිණ. ඉනෝෂි ප්‍රනාන්දු සහ ඕෂධී රණසිංහ එක්ව යුද හමුදාව අමාරුවේ හෙළූහ. 

පසුව නිලක්‍ෂි ද සිල්වා (72) පසුපෙළ පිතිකාරිණියන් සමගින් එක්ව ලකුණු සංඛ්‍යාව ඉදිරියට තල්ලු කරගෙන ගියද එක්දින තරගයකදී අවශ්‍ය ලකුණු වේගය එහි නොවීය. 45 වැනි ඕවරයේදී නිලක්‍ෂි දැවී යන විටත් යුද හමුදා ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 7 කට 136 ක් ලෙසිනි. 

පන්දු 105 කට මුහුණ දුන් නිලක්‍ෂිගේ ඉනිමට තනි ලකුණු 36 ක් ඇතුළත් වූ අතර ඇයගේ පිත්තෙන් එක්වූය් හතරේ පහර 4 ක් පමණි. පන්දු 57 ක් ම නිලකුණු පන්දු ලෙසින් සටහන් විය. නිලක්‍ෂිව මෙන්ම අනෙකුත් යුද හමුදා පිතිකාරිණියන් ඇද බැඳ තබාගත් ඉනෝෂි ප්‍රනාන්දු (25/2), ඕෂධී රණසිංහ (20/3) සහ මල්ෂා ෂෙහානි (23/2) තිදෙනා විසින් යවන ලද ඕවර 28 ලකුණු 68 කට සීමා කරගන්නා ලදි. 


යුද හමුදාව - ඕවර 50 කදී කඩුලු 8 ට 154 යි
(රෝෂිණී පෙරේරා 23, නිලක්‍ෂි ද සිල්වා 72, සුගන්ධිකා කුමාරි 10, අචිනි කුලසූරිය 13, ඉනෝෂි ප්‍රනාන්දු 25/2, ඕෂධී රණසිංහ 20/3, මල්ෂා ෂෙහානි (23/2)

ගුවන් හමුදාව  - ඕවර 38 කදී කඩුලු 3 ක් දැවී 110 යි
(චමරි පොල්ගම්පොල 26, සඳුනි අබේවික්‍රම නොදැවී 31, ඕෂධී රණසිංහ නොදැවී 34)


අදහස් (0)

ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.