Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගාලු මෝටර් ක්‍රොස් තරග ඉරිදා

ගාලු මෝටර් ක්‍රොස් තරග ඉරිදා

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සහ ශ්‍රී ලංකා රේසිං යතුරුපැදිකරුවන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ‘ගාලු මොටෝක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගය මේ මස 19 වැනිදා ගාල්ල, අක්මීමන, කෙසෙල්ගස්හේන ධාවන පථයේදී පැවැත්වේ.

ඉසව් 16 කින් සමන්විත මෙම තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රධාන පෙළේ මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් රැසක් සහභාගි වීමට නියමිතය. එහිදී වයස 16 න් පහළ, 13 න් පහළ සහ 10 න් පහළ ලාබාල තරගකරුවන් සඳහාද යතුරුපැදි තරග පැවැත්වේ.

තරගාවලියේ සෑම ඉසව්වකම පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගන්නා ක්‍රීඩකයන්ට කුසලාන සමගින් සහතිකපත් පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.

 


අදහස් (0)

ගාලු මෝටර් ක්‍රොස් තරග ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.